නෝට්ටු මුද්‍රණය කිරීම සහ මුදල් අච්චු ගැසීම කියන්නේ දෙකක්.. – මහ බැංකු අධිපති
1 min read
නෝට්ටු මුද්‍රණය කිරීම සහ මුදල් අච්චු ගැසීම යනු දෙකක් බවත්, පුළුල් මුදල් සැපයුම සහ මුදල් අච්චු ගැසීම යනු තාක්ෂණිකව වෙනස් කරුණු දෙකක් බවත් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
මුදල් අච්චු ගසනවා කියා සිතා මතාම ජනතාව නොමග යැවීමට ඇතමුන් කටයුතු කරන බවත් පවසන ඒ මහතා, රජයේ සංචිතයක් ඇති බැවින් මහබැංකුව රජයේ අවශ්‍යතා සඳහා භාණ්ඩාගාරයට මුදල් අච්චුගසා සැපයීමේ අවශ්‍යතාවක් නොමැති බවත් සඳහන් කරයි.
