June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නේපාලයේ අරගලය

1 min read

ලාල් කාන්ත, හඳුන්නෙත්ති යනාදී හු එදා ගාලු මුවදොර අරගල සමයේ කෝට්ටේ පාර්ලිමේන්තුව අසළට පැමිණ එය වටලෑමට ජනතාවට ආරාධනා කළ හ. ඔවුහු නොකියා කීවේ පාර්ලිමේන්තුව ගිනිබත් කර හෝ ප්‍රජාතන්ත්‍රවාදය දිනාගත යුතු බව ය. කෙසේ වෙතත් උන්දැලාගේ ඒ අරගලය සාර්ථක වූයේ නැත. අනතුරුව බලය ලබාගත් රනිල් වික්‍රමසිංහ පොදු දේපළ පණත හෝ වෙනත් පණතක් යටතේ උන්දෑලාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළේ ද නැත. ඒ අනුව උන්දැලා මෙන්ම පාර්ලිමේන්තුව ද නිරුපද්‍රිතව පැවතියේ ය.

නේපාලයේ එහෙම නැත. මෙහේ වගේම එහේද දැන් දින කිහිපයක සිට අරගලයක් ඇවිල තිබේ. සමාජ මාධ්‍ය  කජු කිරි කොල්ලෝ පාරට බැස තිබෙති. එහේ සිටින ලාල් කාන්තලා හා හඳුන්නෙත්තිලා මෙහේ වගේ නොවෙති. එහේනම්, පාර්ලිමේන්තුව වටලෑමෙන් නොනැවතී ගිනිබත් කර ද තිබේ. ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ නේපාලයේ පාර්ලිමේන්තුව ඒහේ සිටින ලාල් කාන්තලාගේ දෑතින් ගිනි තැබීමෙන් අනතුරුව ගිනි ගන්නා ආකාරය යි.  මිත්‍රවරුනි, මේ, පොදු දේපළ ගිනිලන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මහිමයෙනි.

ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදයට මුහුණු කීයක් වේ ද? ලාල් කාන්තලා තව කොතැනක සිටීද? දෙවියනි ඔබ කොහිද? 

ජනප්‍රිය පුවත්  බඩට බඩ! තකට තක!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x