October 27, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දිවයිනේ ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි

1 min read

පවතින අධික වර්ෂාපතනය හමුවේ ජලාශ රැසක වාන් දොරටු විවෘත කර තිබේ.

ඒ අනුව දැදුරු ඔය, රාජාංගණය, කුකුළේ ගඟ සහ කලාවැව යන ජලාශවලින් ජලය නිකුත් කිරීම සිදු කෙරෙන අතර, එම ජලාශවලට පහළින් පිහිටි ගංගා හා ඔය ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.

දැදුරු ඔය ජලාශයේ ජල මට්ටම පාලනය කිරීම සඳහා වාන් දොරටු අටක් අඩි දෙක බැගින් විවෘත කර ඇති අතර, ඒ ඔස්සේ දැදුරු ඔයට තත්පරයට ඝන අඩි 10,400ක ජල ප්‍රමාණයක් මුදා හැරේ.

ජලාශයේ පෝෂක ප්‍රදේශයට ලැබෙන වර්ෂාපතනය සහ ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය අනුව ඉදිරියේදී වාන් දොරටු විවෘත කර තැබීමේ ප්‍රමාණය වෙනස් විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර, රාජාංගණය ජලාශයේ ද වාන් දොරටු හයක් විවෘත කරමින් කලා ඔයට තත්පරයට ඝන අඩි 3,800කට අධික ජල ප්‍රමාණයක් මුදා හරිමින් පවතී.

එම ජලය නිකුත් කිරීම පෙරවරු 9.00 වන විට තත්පරයට ඝන අඩි 8,000 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කර ඇති අතර, පවතින වර්ෂාපතනය සහ ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය අනුව එම තත්ත්වය වෙනස් විය හැකිය.

ජනප්‍රිය පුවත්  ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..

කුකුළේ ගඟ ජලාශයේ ද පවතින වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් එක් වාන් දොරටුවක් විවෘත කර තිබේ.

ඒ ඔස්සේ තත්පරයට ඝන මීටර් 45ක ජල ප්‍රමාණයක් මුදා හැරෙන අතර, විදුලි උත්පාදනයේදී තත්පරයට ඝන මීටර් 48ක ජල ප්‍රමාණයක් පිට කරනු ලබයි.

ඒ අනුව ජලාශයෙන් කුඩා ගඟට මුදා හැරෙන සමස්ත ජල ප්‍රමාණය තත්පරයට ඝන මීටර් 93ක් බව ජලාශය භාර ඉංජිනේරුවෝ සඳහන් කරති.

එමෙන්ම, අධික වර්ෂාව හමුවේ කලාවැවේ ජල මට්ටම ද ඉහළ ගොස් තිබේ.

ඉහළ පෝෂක ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාවත් සමඟ දඹුලු ඔය ඔස්සේ කලාවැවට තත්පරයට ඝන අඩි 5,500කට ආසන්න ජල ප්‍රමාණයක් ලැබෙමින් පවතින අතර, මේ වන විට එහි ජල ධාරිතාව අක්කර අඩි 83,782ක් දක්වා ඉහළ ගොස් ඇත.

කලාවැව වාන් දැමීමේ අවදානම සැලකිල්ලට ගනිමින් එහි හදිසි වාන් දොරටු දෙක අඟල් හයක් බැගින් විවෘත කර ඇති අතර, ඒ ඔස්සේ කලා ඔයට තත්පරයට ඝන අඩි 511ක ජල ප්‍රමාණයක් මුදා හැරෙන බව සඳහන් වේ.

මෙම තත්ත්වය හමුවේ දැදුරු ඔය ජලාශයට පහළින් දැදුරු ඔය ආශ්‍රිතව පදිංචි ජනතාවටත්, රාජාංගණය ජලාශයට පහළින් කලා ඔය ආශ්‍රිත ප්‍රදේශවල පදිංචි ජනතාවටත්, අදාළ ගංගා හා ඔය ආශ්‍රිත ප්‍රදේශවල ජල මට්ටම්වල වෙනස්වීම් පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දී තිබේ.

ජනප්‍රිය පුවත්  විශ්වවිද්‍යාල පද්ධතිය කඩාවැටීමේ අවදානමක්.. - FUTA වෙතින් රතු එළියක්

එමෙන්ම, වාන් දොරටු විවෘත කිරීම සහ ජලය මුදා හැරීම සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ආපදා කළමනාකරණ අංශ විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන කෙරෙහි අවධානය යොමු කරමින් ඒ අනුව කටයුතු කරන ලෙස ජනතාවට වැඩිදුරටත් දැනුම් දී ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x