June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ත්‍රිකුණාමලයේ ඉන්දු – ඇමෙරිකා ”ක්‍ෂණික ප්‍රතිචාර” කඳවුරක්!

1 min read

ඉන්දු – ෆැසිපික් ක්‍රියාකාරීත්වයට සම්බන්ධ, ස්වභාවික විපත් සහ සමුද්‍රීය හදිසි අවස්ථා සඳහා ”වේගවත් ප්‍රතිචාර” දැක්වීමේ මධ්‍යස්ථානයක් ලෙස නම් කරමින්, ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව ඉන්දු – ඇමෙරිකා ඒකාබද්ධ හමුදා කඳවුරක් ස්ථාපිත කිරීමේ මෙහෙයුමක් මේ වන විට ආරම්භ වී ඇතැයි අපගේ රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග අනාවරණය කර සිටී.

මෙම ”යෝජනාව” පළමුව ඉන්දියාව විසින් ආරම්භ කර තිබෙන බවත්, පසුව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් එය පිළිගෙන වර්ධනය කරමින් තිබෙන බවත්, කුමන නමකින් හඳුන්වනු ලැබුව ද මෙය ඉන්දු – ඇමෙරිකා ඒකාබද්ධ හමුදා කඳවුරක් වනු නිසැක බවත්, එම රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග වැඩිදුරටත් අවධාරණය කර සිටී.

”භාෂාව මෘදු වුවත් අභිප්‍රාය එසේ නොවෙයි. වත්මන් ආපදා තත්වය යොදා ගනිමින් ඔවුන් එයට මග පාදා ගන්න යන්නේ. ශ්‍රී ලංකා රජයේ නොහැකියාව, ගුවන් හමුදාව සතුව හෙලිකොප්ටර් 2ක් පමණක් පවතින බව පැවසීම, එමගින් ආරක්ෂක හමුදා දුගී බව යනාදී සියල්ල අනවශ්‍ය පරිදි ඉස්මතු කෙරුණේ මේ ව්‍යාපෘතියට ඉඩ හදා ගන්න. ඉන්දියාව සහ එක්සත් ජනපදය ත්‍රිකුණාමලය සම්බන්ධයෙන් පෙළ ගැසෙන්නේ මානුෂීය උවමනාවක් පිණිස නොවෙයි. ඒ දෙරටටම අවශ්‍ය ත්‍රිකුණාමල වරායේ ආධිපත්‍යය තමන් සන්තකයේ තබා ගැනීමට…”

ජනප්‍රිය පුවත්  ජනපතිගේ ගජ මිතුරු ඉෂාරට ඕස්ට්‍රේලියාවෙන් තොප්පියක් !

එසේ අප වෙත වැඩිදුර කරුණු පැහැදිලි කළ එම රාජ්‍යතාන්ත්‍රිකයා, ඉන්දියාවට අවශ්‍යව ඇත්තේ, චීනයට ප්‍රතිවිරෝධීව ඇමෙරිකානු පැවැත්ම ත්‍රිකුණාමලය තුළ ස්ථාපිත කර ගැනුමට බව පැවසුවේ ය. ”ඉන්දියාව බලපෑම තබා ගනී; ඇමෙරිකාව ප්‍රවේශය ලබාගනී; ශ්‍රී ලංකාවට හවුල්කාරීත්වයේ මායාව හිමිවේ.“ යැයි හෙතම තවදුරටත් කරුණු පැහැදිලි කළේය.

පසුගියදා, ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ජුලී චුන්ග්, ත්‍රිකුණාමලයේ සංචාරයක නිරත වූ අතර ශ්‍රී ලංකාවේ පළමු නාවික කිමිදුම්කාරිය සමග ත්‍රිකුණාමලය වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ කිමිදීමට ද කටයුතු කළා ය. එය හුදු සංචාරයක් නොව, ත්‍රිකුණාමලය කෙරෙහි ඇති උනන්දුව දේශපාලනිකව පෙන්වාලීමක් බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ.

ජනාධිපති අනුර කුමාරගේ පාලනය ද මේ සඳහා සිය එකඟතාවය ඵලකර ඇතැයි වැඩි දුරටත් දැනගැනීමට තිබේ. එහෙත් මෙය සිදුකිරීමට නියමිතව ඇත්තේ ක්‍රමාණුකූල පියවර රැසක් ඔස්සේ මිස එකවර නොවේ.

විදේශ ”ආධාර” මත පමණක් වත්මන් ඉරණමෙන් රට ගොඩගත හැකි යැයි සිතන සියළු දේශපාලනඥයන්ගේ මානසිකත්වය ද මේ ක්‍රියාදාමය සඳහා ආශිර්වාදයක් බවට පත්ව ඇත.

ජාත්‍යන්තර භූ – දේශපාලන අරගලයේ දී ශ්‍රී ලංකාව ඉන්දු – ඇමෙරිකා තිප්පොලක් බවට පත්වීම යනු, අනාගත අවදානම් රැසකට අතවැනීමක් බව අපි අවධාරණය කරමු.

ජනප්‍රිය පුවත්  ජනපති - ශානි කුමන්ත්‍රණය හෙලි වේ! නාමල් ඇතුළට

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
1
0
Would love your thoughts, please comment.x
()
x