July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

1 min read

භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථාන ගතවීමේ සිදුවිම සම්බන්ධයෙන් වූ අවසන් වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ කරුණු දැක්වීම්වලට අනුව සිය වාර්තාව මේ වන විට සකස් කර ඇති බවය.

එම වාර්තාව මුදල් කාරක සභාවේ සියලු සාමාජිකයින් වෙත මේ වන විටත් ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

“අපි මහබැංකුව සහ භාණ්ඩාගාරය එක්ක සාකච්ඡා වට තුනක් කළා. ඔවුන් වාර්තා දෙකක් ඉදිරිපත් කළා. මහබැංකුවේ වාර්තාව වෙනම ඉදිරිපත් කළා. මොකද ඒ කට්ටිය පිළිගත්තේ නෑ. භාණ්ඩාගාරයෙන් ලබාදීපු බොහෝ දේවල්. ඉතිං ඒ නිසා අපි විශ්ලේෂණය කළා. අපි කෙටුම්පතක් හදලා, ඒක කමිටු සාමාජිකයන්ට භාරදීලා තිබෙනවා. ඔවුන්ට කෙටුම්පත කියවලා, ඔවුන්ගේ අදහස ඉදිරිපත් කරන්න කියලා. ඒ අදහස් ඉදිරිපත් කළාම එන අඟහරුවාදා අපි වාර්තාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මම සභාපති කියලා මට ඕන විදිහට ඉදිරිපත් කරන්න බැහැනේ, සියලුදෙනාගේ අදහස් අරගෙන අපි විශ්ලේෂණය කරලා අපි එකඟතාවයකට ඇවිල්ලා අපි වාර්තාව ඉදිරිපත් කරනවා.”

ජනප්‍රිය පුවත්  එක්සත් රාජධානියේ නියෝජ්‍ය අගමැති එයි

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x