July 18, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ට්‍රම්ප් ජාතිය අමතයි

1 min read

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රහස්පතින්දා (17) රාත්‍රියේ ජාතිය අමතමින් 2020 ජනාධිපතිවරණයේ නීත්‍යානුකූලභාවය පිළිබඳ තම දිගුකාලීන චෝදනා යළිත් ඉදිරිපත් කළ අතර, ඉදිරි මධ්‍යවාර මැතිවරණයට පෙර වඩාත් දැඩි ඡන්ද නීති හඳුන්වාදෙන ලෙසද ඉල්ලීමක් කළේය.

මීට වසර හයකට පෙර පැවැති මැතිවරණය පිළිබඳව සාවද්‍ය බව ඔප්පු වී ඇති මතයන් ට්‍රම්ප් විසින් නැවතත් ප්‍රවර්ධනය කිරීම සහ තමන් ලැබූ පරාජය පිළිගැනීමට ඔහුට ඇති නොහැකියාව හේතුවෙන්, ඔහුගේ පළමු ධුර කාලයේ අවසන් දිනවලදී එනම් 2021 ජනවාරි 6 වැනිදා ඔහුගේ ආධාරකරුවන් පිරිසක් එ.ජ. කැපිටල් (U.S. Capitol) මන්දිරයට ප්‍රචණ්ඩකාරී ප්‍රහාරයක් එල්ල කළ අතර, එය ඇමරිකානු ඉතිහාසයේ අඳුරුතම අවස්ථාවක් බවට පත් විය.

නැවත ජනාධිපති ධුරයට පත්වූ ට්‍රම්ප්, ජීවන වියදම ඉහළ යාම, ඉරානය සම්බන්ධයෙන් උත්සන්න වන යුද තත්ත්වය සහ දැඩි විවේචනයට ලක්ව ඇති ආගමන විගමන මර්දන වැඩපිළිවෙළ වැනි කරුණු පවතිද්දී පවා, නැවතත් 2020 මැතිවරණය පිළිබඳ කරුණු මතු කළේය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ජනාධිපතිවරයාගේ මෙම ජාතිය ඇමතීමේ ප්‍රධාන තේමාව වූයේ මැතිවරණ ක්‍රමවේදය සම්බන්ධයෙන් දැඩි වෙනස්කම් අවශ්‍ය බව අවධාරණය කිරීම බවයි.

ජනප්‍රිය පුවත්  දිට්වා කළ හානිය රු. කෝටි ලක්ෂයත් ඉක්මවයි…. ලෝක බැංකු වාර්තාව කියයි

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x