September 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජ.වි.පෙ. සමුළුවට ගුරුවරු ගෙනාවේ මෙහෙමයි !

1 min read

ඊයේ (17) පැවැති ජනතා විමුක්ති පෙරමුණේ ගුරු සංගමයේ සමුළුවට ගුරුවරු ගෙනැවිත් ඇත්තේ වැටුප් සහිත නිවාඩු ලබා දී බව වාර්තා වේ.

සිකුරාදා දිනයක් වූ එදින ගුරුවරු පැමිණ ඇත්තේ සිය පාසැල් සිසුන්ට ඉගැන්වීම් කටයුතු වලින් වැළකී, එහෙත් වැටුප් සහිත නිවාඩු රැගෙනය. සාමාන්‍යයෙන් දේශපාලන රැස්වීම් වලට සහභාගී වීමට වැටුප් සහිත නිවාඩු ලබා දීම සිදු නොවේ. අධ්‍යාපන ඇමැතිවරිය වූ අග්‍රාමාත්‍යවරිය විදේශගතව සිටින අවස්ථාවක, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා හරහා මෙම වැටුප් සහිත නිවාඩු ලබාගැනීම අනුමත කරවා ගෙන තිබේ. මේ පිළිබඳව අප වෙත අදහස් දැක්වූ ගුරු සංගම් ප්‍රධානින් කීප දෙනෙකු පැවසූවේ මෙය මහජන මුදල් අවභාවිතාවක් වන බැවින් ඉදිරියේදී අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිෂමට පැමිණිලි කරන බවයි. එය පොදු දේපළ පනත යටතට වැටෙන වරදක් බවත්, ඒ සඳහා අනුමැතිය දුන් අධ්‍යාපන අමාත්‍යංශ ප්‍රධානීන් මීට වගකිව යුතු බවත් ඔවුහු වැඩි දුරටත් අවධාරණය කළහ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ, ජනාධිපති අනුර කුමාරගේ ප්‍රධානත්වයෙන් මෙම ගුරු සමුළුව පවත්වනු ලැබීමයි. දූෂණ විරෝධය ගැන හා මහජන මුදල් නිසි පරිදි යොදා ගැනීම ගැන පාරම්බාන ජනාධිපතිවරයා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන රැස්වීමක මෙවන් තත්ත්වයක් ඇතිවීම ලැජ්ජාවට කරුණක් බව බොහෝ ගුරුවරුන්ගේ මතය වී තිබේ.

ජනප්‍රිය පුවත්  ආර්ථිකයේ ඉදිරි දැක්ම අවිනිශ්චිතයි — මහ බැංකුව කියයි

ටිකිරි විභූෂණ

Underground

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Sugath Maldeniya
Sugath Maldeniya
10 months ago

මුන් කරන්නෙම කියන එකට ප්‍රතිවිරුද්ධ දේමයි.

1
0
Would love your thoughts, please comment.x
()
x