June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජ.වි.පෙ.න් රට වැසියාගේ වත්කම් සොයයි!

1 min read

මේ දිනවල හෝමාගම ප්‍රදේශයේ නිවාස රාශියකට ”තොරතුරු ලබා ගැනීමේ පත්‍රිකාව” නමින් පත්‍රිකාවක් ජ.වි.පෙ. ප්‍රාදේශිය සාමාජිකයන් විසින් ගෙයින් ගෙට බෙදා හරිමින් තිබේ. එහි සඳහන්ව ඇත්තේ, එමගින් විමසා ඇති තොරතුරු නිවැරදිව සටහන් කර එය ජාතික ජන බලවේගයේ කොට්ඨාස සභාපතිට හෝ ලේකම් වෙත හෝ ප්‍රදේශයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීතුමා වෙත ලබා දෙන ලෙසයි.

මේ තොරතුරු පත්‍රිකාව මගින්, අදාල ගෘහ මූලිකයාගේ සම්පූර්ණ විස්තර විමසා තිබේ. ගෙවත්තේ ඇති කොස්, පොල්, දෙල් වැනි ඵල දරණ ශාක පිළිබඳව සියලු විස්තර ද එහි සඳහන් කළ යුතුව තිබේ. ඉඩමේ පිහිටා තිබෙන භාවිතයට ගත හැකි ජල මූලාශ්‍ර පිළිබඳ තොරතුරු ද පවුලේ සාමාජිකයන් පිළිබඳ සම්පූර්ණ විස්තර ද මෙමගින් විමසා තිබේ. ඊට අමතරව අදාළ ගෘහ මූලිකයා සතු ඉඩම් ප්‍රමාණය ගැන තොරතුරු ද එහි ඇතුළත් කළ යුතුය ඇත.

හෝමාගම ආටිගල ප්‍රදේශයේ නිවාස වෙත බෙදා හැර ඇති අදාළ පත්‍රිකාවේ අවසානයේ සඳහන් කොට ඇත්තේ වැඩිදුර තොරතුරු විමසීම සඳහා එම ප්‍රදේශයේ ප්‍රදේශිය සභා මන්ත්‍රී කැලුම් නිරෝෂ හා එම ප්‍රදේශයේ සංවිධායක චින්තක බණ්ඩාර සම්බන්ධ කර ගන්නා ලෙසයි. එම පත්‍රිකාවේ පිටපතක් පහත දැක්වේ.

ජනප්‍රිය පුවත්  කතරගම කිරිවෙහෙර විහාරාධිපතිගේ ආරක්ෂාවත් ඉවත් කරයි!

මේ පිළිබඳව අප කළ විමසීමකට පිළිතුරු දුන් පොලීසියේ ඉහළ නිලධාරියකු පවසා සිටියේ, දේශපාලන පක්ෂයක් විසින් රට වැසියාගේ පුද්ගලික තොරතුරු ඒකරාශී කිරීම නොකළ යුත්තක් බවයි. බාහිරව කුමන අරමුණක් පෙන්නූව ද එම තොරතුරු එකතු කිරීමේ යටි අරමුණ භයානක එකක් විය හැකි බැවින් මෙම පත්‍රිකා පුරවා ලබාදීම නොකළ යුතු බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

ශමින්ද ජයනෙත්ති underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x