ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 26ක් අතුරුදන්…!
1 min read
ජනාධිපති ලේකම් කාර්යාලය නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති වාහන 26ක භෞතික පැවැත්ම මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
මෙම වාහන අතුරුදන් වීම හෝ ඒවා කිසියම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට භාරදීම සම්බන්ධයෙන් කිසිදු ලිඛිත සාක්ෂියක් විගණන අංශ වෙත ඉදිරිපත් කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇත.
අදාළ වාහන 26 සොයා ගැනීම සහ ඒවායේ වර්තමාන තත්ත්වය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් 2025 මැයි මස 28 වන දින විගණන අංශ වෙත දැනුම් දී ඇත්තේ මෙම වාහන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන බවයි.
කෙසේ වෙතත්, මෙම වසරේ මාර්තු මස 19 වන දින වන විටත් එම වාහනවල භෞතික පැවැත්ම තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බව විගණන වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
