July 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජනප්‍රිය රංගන ශිල්පිනියන් පිරිසක් කොකේන් සහ කුෂ් මත්ද්‍රව්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වෙලා

1 min read

ප්‍රවීණ නාට්‍යවේදියකු සහ රංගන ශිල්පියකුගේ මෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ උසස් නිලධාරිනියකගේ පුත්‍රයෙකු ඇතුළු තිදෙනෙකු, රුපියල් ලක්ෂ ගණනක් වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය කිලෝවකට ආසන්න ප්‍රමාණයක් සමඟ කිරිබත්ගොඩ නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකදී මොවුන් කොටු කරගෙන ඇත්තේ මෝටර් රථයකින් මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් සිටියදීය.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් දෙදෙනා ප්‍රධාන සැකකරුගේ සමීප මිතුරන් වන අතර, ඉන් එක් අයෙකු ඔහුගේ ඥාතියෙකු බවත් අනෙක් පුද්ගලයා මෑතකදී ජපානයේ සිට මෙරටට පැමිණි අයෙකු බවත් පොලිසිය පවසයි.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ 26 හැවිරිදි ප්‍රධාන සැකකරු කොකේන් භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වූවෙකු බවයි.

මීට වසරකට පමණ පෙර ඩුබායි සංචාරයක නිරතව සිටියදී හමුවූ පුද්ගලයෙකු මාර්ගයෙන් ඔහු මෙම ජාවාරමට සම්බන්ධ වී ඇති බව හෙළි වී තිබේ.

ඩුබායිහි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත මොහු මෙම ජාවාරම මෙරට තුළ ක්‍රියාත්මක කර ඇති අතර, තායිලන්ත ජාතිකයන් පිරිසක් විසින් මෙරටදී ඔහුට මත්ද්‍රව්‍ය තොග ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

ජනප්‍රිය පුවත්  ලෝක වෙළඳපොලේ තෙල් මිල 26%කින් අඩුවෙලා.. එහෙම දැවැන්ත අඩුවීමක් තිබියදී තමයි ආණ්ඩුව මේ මිල වැඩි කිරීම කරලා තිබෙන්නේ.. - උදය ගම්මන්පිල

පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු විසින් තවත් ආන්දෝලනාත්මක තොරතුරු කිහිපයක් හෙළි කර තිබේ. ඒ අනුව, මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියන් කිහිප දෙනෙකුම කොකේන් සහ කුෂ් මත්ද්‍රව්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වී සිටින බව ඔහු ප්‍රකාශ කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x