June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. – රංජිත් කීර්ති තෙන්නකෝන්

1 min read

‘ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ. 2026 ජනවාරි 1 දාට භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.මිලියන 915 යි. 2024 දෙසැ. 31 වෙනිදා වන විට රු.බිලියන 805 ක් භාණ්ඩාගාරයේ මුදල් ශේෂය තිබුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවන කොට බිලියන 800 ක් තිබුණා. මේ ආණ්ඩුවේ පළමු අවුරුද්ද තුල භාණ්ඩාගාරයේ මුදල් ශේෂය වැඩිවුනේ රුපියල් බිලියන 110 කින් විතරයි’ යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

බොරු කියන එකයි, අනුන්ගේ වැඩවලට ලකුණු දාගන්න එකයි මේ ආණ්ඩුවේ වෙළඳ නම් හොඳටම කරනවා. ආර්ථික කේෂ්ත්‍රයේ දී මේ පාලකයින්ගේ ආණ්ඩුකරණයේ අසමත් භාවය පැහැදිලිවම පෙනෙන්නට තියෙනවා යැයි හිටපු ආණ්ඩුකාර තෙන්නකෝන් පැවසූවේ කොළඹ නිපෝන් හෝටලයේ පැවති ‘ආණ්ඩුකාරවරුන්ගේ සංසදයේ’ පුවත්පත් සාකච්ඡාව අමතමිනි.

මෙරට ආර්ථික විනාශය කරා රැගෙන යමින් ඇති ප්‍රමුඛතම සාධකය රජය සතු ව්‍යාපාර කළමනාකරණයේ දී ආණ්ඩුව දක්වන ආධුනික භාවයයි.

2023 වසරේ දී රු. මිලියන 2,835 ක් ලාබ ලැබු ලංකා සීනි සමාගම 2024 දී රු. මිලියන 1,944 ක් ද, 2025 දී රු. මිලියන 3,193 ක් ද පාඩු ලබනවා. සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයා දුඹුරු සීනි කඩ විවෘත කරමින් මාධ්‍ය සංදර්ශන තියලා රාජ්‍ය මුදල් කාබාසිනියා කරන්නටත්, උක් ගොවීන්ට නිසි පරිදි මුදල් ගෙවීම පැහැර හැර තියෙනවා. උක් වගාව කරන්න ගොවීන්ට සල්ලි නෑ. පොහොර සහ වෙනත් පහසුව නෑ. දේශපාලන බලපෑම් හේතුවෙන් සීනි සමාගමේ සභාපතිනිය හා ප්‍රධාන විධායක නිලධාරිනිය ඉල්ලා අස්විය. රජය සතු ව්‍යාපාර බලාගෙන සිටියදී කඩා වැටෙනවා. ඒ සමඟම ආර්ථිකය වලපල්ලට යනවා.

ජනප්‍රිය පුවත්  ජපානයේ නිෂිනාරි ප්‍රදේශය මාරක 'ෆෙන්ටැනයිල්' (Fentanyl) මත්ද්‍රව්‍යයේ ආක්‍රමණයට

ශ්‍රී ලංකන් ගුවන් සේවය 2023 වසරේ රු. මිලියන 3,872 ක ලාභයක් ලැබුවා. මේ ආණ්ඩුව බලයට පත් වූ වහාම 2024 දී රු. මිලියන 7,595 ක් පාඩු වුණා. 2025 දි රු. මිලියන 23,211 (බිලියන 23.2) ක අති දැවැන්ත පාඩුවක් ලබා ඇත. මෙම පාඩුව ලබන්නට පෙර භාණ්ඩාගාරය විසින් ශ්‍රී ලංකන් ආයතනයට රුපියල් බිලියන 25 ක් ලබාදුන්නා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට පුද්ගලික අංශයේ සභාපතිවරයෙක් පත් කලා. ඔහු ගේ සමයේ ශ්‍රී ලංකල් සමාගමට වැඩිම ලාභයක් ගෙනෙන ලන්ඩන් – කොළඹ සහ මෙල්බන් – කොළඹ ගුවන් ගමන් සඳහා පුද්ගලික විදේශීය තරඟකරුවෙකු හදුන්වා දීලා අස්වෙලා ගියා. දෑන් ශ්‍රී ලංකන් විකුණන්නත් බෑ. අවුරුද්දකට රු. බිලියන 25 ගානේ පොම්ප කරලත් පාඩු ලබනවා.

භාණ්ඩාගාරය විසින් නිකුත් කර ඇති 2025 වාර්ෂික වාර්තාවට අනුව විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද (SCL) 2024 වසරසේ රු. බිලියන 115 ක් වූ අතර එය 2025 දී බි. 165 දක්වා 43% කින් වැඩිවෙලා. එය අස්තමේන්තු ගත බදු මුදලට වඩා රු. බිලියන 39 ක වැඩිවීමක්. ඒ කියන්නේ ආණ්ඩුව හාල්, අල, ළුණු, පරිප්පු, හාල්මැස්සෝ වැනි දෛනික අවශ්‍ය භාණ්ඩ වලට හිත් පිත් නැතුව බදු ගහලා එකතු කරන සල්ලි.

ජනප්‍රිය පුවත්  ට්‍රම්ප්ගේ පරිපාලනයට එරෙහිව ඇමරිකානු ජනතාව 'No Kings' විරෝධතාවල

කිසිම දවසක ගුවන්යානයක් ලඟටවත් දැකලා නැති මිනිස්සුන්ට බදු ගහලා එකතු කර ගත්ත මේ සල්ලි රු. බිලියන 39 න් බිලියන 25 ක් ශ්‍රී ලන්කන් එකේ පාඩුව පියවන්න දානවා.

රුපියල අඛණ්ඩව බාල්දු වෙනවා. මහ බැංකු අධිපති මාධ්‍යයට කියනවා ‘අපි තමයි හොඳටම කරන්නේ කියලා’

උද්ධමනය වැඩි වෙනවා. 5% ක් නෙවෙයි 7% ක උද්ධමනයක් බාලාපොරොත්තු වෙන්න කියලා ගමන් කියනවා අපි හොඳටම කරනවා කියලා.

මුදල් සංචිත එක තැන පල්වෙනවා නම් කොහොමද ආර්ථිකය හොඳටම කරන්නේ. ආර්ථික වර්ධන වේගය එක තැන පල්වෙනවා. සංසරණය වන ව්‍යාවහාර මුදල් ප්‍රමාණය 26% කින් වැඩි ‍කරලා තියෙනවා. එකේ ප්‍රතිඑලය තමයි ගිණිපෙට්ටියේ ඉදන් බත් පැකට් එක දක්වා දිනපතා වැඩිවෙන්නේ. තෙල්, ගෑස්, විදුලිය හෑම දේම මිල වැඩිවෙන්නේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x