June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගල් අඟුරු වංචා විමර්ශන කොමිසම හමුවේ ටිල්වින් සිල්වා දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙමින් සොරි කියයි

1 min read

ජුනි 05, කොළඹ (විශේෂ) – ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් පරීක්ෂණය පැවැත්වීම සඳහා පත් කරන ලද ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සිය කණගාටුව පළ කර තිබේ.

කොමිසම විසින් ඔහුව කැඳවා ප්‍රශ්න කිරීමට හේතු වූයේ, පසුගිය මැයි මාසයේ පැවති මැයි දින රැලියකදී ඔහු සිදු කළ ප්‍රකාශයකි. එහිදී ඔහු පවසා තිබුණේ, “මෙම කොමිෂන් සභාව මගින් තම ආණ්ඩුවේ අය නිවැරදි වනු ඇති බවත්, විපක්ෂයේ අය වරදකරුවන් වනු ඇති බවත්” යනුවෙනි.

ඒ අනුව කොමිසම හමුවට ඉදිරිපත් වූ ටිල්වින් සිල්වා මහතා, දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙමින් එම ප්‍රකාශය සම්බන්ධයෙන් තම කණගාටුව ප්‍රකාශ කළ බව කොමිෂන් සභා මූලාශ්‍ර වාර්තා කරයි.

මේ අතර, ගල් අඟුරු ගනුදෙනු පිළිබඳ විමර්ශනය කරන මෙම ජනාධිපති කොමිසම වෙත පැමිණිලි භාර ගැනීම පසුගිය 22 වනදා අවසන් විය. එම කාල සීමාව තුළ කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 28 ක් වන අතර, ඒවා සලකා බැලීමේ කටයුතු පසුගිය සතියේ සිට ආරම්භ කර ඇත.

ජනප්‍රිය පුවත්  ගුවන්විදුලි නාලිකාවක නිවේදකයාගේ ඩුබායි පාතාලය සමග සබඳතා හෙළිවෙයි !

තවද, මෙම ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමේ කටයුතු ජූලි මාසයේ පළමු සතියේ සිට ආරම්භ කිරීමට කොමිෂන් සභාව බලාපොරොත්තු වන බව ද නිවේදනය කර තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x