June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගල් අඟුරු කාලා බලන්න බෑනේ! බංකුවක් අරගෙන එන්න අසූචි පෝර නැවේ කතාවත් අදම උඹලට කියලා දෙන්න!

1 min read

උඹලට දත්ත නැති නිසා උබලා හෝදන විදිය හෙන මෝඩයි. ඒකයි මේකත් අදම කියලා දාන්නේ.

🔴2021 අවුරුද්දේ දවසක ( මට දින වකවානු මතක නෑ) ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති විදියට ඉද්දී ගෙනාව පෝර නැවක් අසූචි නැවක් කියලා එදා විපක්ෂය අද ආණ්ඩුව නම් කලා. මිනිස්සු ඇත්තටම පිලිගත්තා ඒක වංචාවක් කියලා.

හැබැයි ඒක දේශපාලණික කුමන්ත්‍රණයක්ම වෙන්න පුළුවන් බව මේක දන්න මිනිස්සු එදා ඉදලම කිව්වා.

🟢ලංකාවේ ගල් අගුරු ගන්නේ අටවපු ආයතනයකින් නේ. එදා කාබනික පෝර ගෙනාවේ එහෙම එකකින් නෙවෙයි.

ගෙනාව ආයතනය – Qingdao Seawin Biotech
ලියාපදිංචිය – 2000. ( සිද්දිය වෙද්දී අවුරුදු 21ක් ව්‍යාපාරයේ)
අපනයන – ලෝකයේ රටවල් 80ට පෝර අපනයනය කරනවා.

චීනයේ විශ්ව විද්‍යාල එක්ක වැඩ කරන මේ ආයතනයට පේටන් තාක්ෂණ වගේ බලපත්‍ර ගානක් තියෙනවා.

🟢තත්වස සහතික ගල් අගුරු සමාගමට මොකුත්ම නැද්ද කොහෙද, හැබැයි මේකට

  • ISO 9001 – Quality management
  • ISO 14001 – Environmental management
  • ISO 45001 – Safety management
  • ECOCERT organic certification (EU + US standards)

🔴සමාගම දෙක සංසන්ධනය කලාම මේ ආණ්ඩුව ගහපු බුල පැහැදිලි ඇති නේ. මම වෙන කිසිම දෙයක් කියන්නේ නෑ ඒ ගැන.

ජනප්‍රිය පුවත්  සිංහලෙන් දිලිත් - දෙමලෙන් දිලීපන් විකිනෙන විදිය - ව්‍යවසායක රාජ්‍ය !

🎱මෙන්න මෙතන ඉදලා කතාව වෙනමම තැනකට යනවා. ඒ වෙලාව දේශපාලනිකව රට ආර්ථික අර්බුදයක් එක්ක යන වෙලාවක්. ආණ්ඩුව කියන දේට වඩා විපක්ෂය කියන දේ නිලධාරීන් කරන වෙලාවක්. විපක්ෂය පුදුම විදියට රජයේ ආයතන ඇතුලේ වෘත්තීය සමිති බලය අල්ලපු වෙලාවක්.

🔴ඔය නැවේ වාර්තාව ගන්න දානවා ලංකාවේ National Plant Quarantine Service (NPQS) එක.

‼️පොහොර sterile නැහැ
‼️Erwinia bacteria තිබේ කියලා

වාර්තාව එනවා. කොලිටි ෆේල්. නැව රටට ගන්න බෑ. මලකෙලියයි.

විපක්ෂය කැම්පේන් එක පටන් ගන්නවා. සිරස වගේ මාධ්‍ය පට්ට කැම්පේන් එකක් කරනවා.

🔔සමාගම කියනවා මේ වාර්තාව වැරදියි 600උෂ්ණත්වයේ බැක්ටීරියා ඉන්න බෑ. මේක කුමන්ත්‍රණයක් කියලා

🟢ජර්මනියේ Schutter laboratory එකෙන්
🟢 Singapore SGS laboratory එකෙන් ටෙස්ට් කරනවා.

ස්වාධීන ආයතන උන ඒ දෙකේම රිපෝර්ට් වලට අනුව කිසිම ප්‍රශ්ණයක් නෑ. පෝර භාවිතයට සුදුසුයි.

හැබැයි රට ඇතුලේ මාධ්‍ය ගහපු මැච් එක එක්ක රටට පෝර ගේන්න බෑ. මිනිස්සු ආණ්ඩුව මරන් කන්න හදනවා.

ආණ්ඩුව නැව රිජෙක්ට් කරනවා රටේ මතයට කන් දීලා.

🔴ඔන්න ඔතනදී චීන ආණ්ඩුව වගේම අදාල සමාගම ගේම ඉල්ලනවා ලංකාවේ ආණ්ඩුවෙන්. මොකද සමාගමට මේ සිද්දියේ පාඩුව වගේම කීර්ති නාමයට උන පාඩුවක් තියෙනවා.

ජනප්‍රිය පුවත්  පොදු 35, භයානයකයි! ප්‍රවේශමෙන් පරිහරණය කරන්න!

🛳️ඔය නැවේ වටිනකම් මතක විදියට ඩොලර් මිලියම 48ක්. 50කට ලග ඇති.

🧑‍⚖️නැවු සමාගම ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩලයේ මේකට විරුද්ධව පැමිණිලි කලා මිලියන 9ක් වන්දි ඉල්ලලා.

9ක් බෑ කියලා ලංකාවේ ආණ්ඩුව වරද පිලිගෙන 6.7 ඩොලර් මිලියන ගෙව්වා අදාළ සමාගමට.

😁ආතල්ම කෑල්ල කියන්නද, උඹලා හෙන මඩක් ගැහුවට එදා විපක්ශය විදියට අද ආණ්ඩුව දන්නවා මේ කරපු දේවල් හරියටම හරි නීත්‍යානුකූලව උන දෙයක් කියලා. නඩුවක් තියා කටඋත්තරයක්වත් නොගන්නේ අන්න ඒක නිසා.

හැබැයි මඩක් විදියට ඒ මිනිස්සුන්ට ගහන්න ඒක පාවිච්චි කරනවා.

මේ කතාව වෙන දවසක කිව්වට මිනිස්සුන්ට ඔලුවට යන්නේ නෑ. අද ජනාධිපතිතුමාගේ කතාව ගැම්මට අහපු ඕනම කෙනෙක්ට දැන් මේක ගැම්මට කියන්න පුළුවන්.

තක්කඩිකමෙන් ආණ්ඩු ගත්තම විදවන්නම වෙනවා.

සෙස්ස පස්සට..

උපුටා ගැනීම:Lilanthaka R. Jayathunga ෆේසුබුක් පිටුවෙන්

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x