November 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කාවන්තිස්සගේ මරණයට අදාළ නඩුව: පශු වෛද්‍යවරු ඇතා කුලප්පු කර ඌ වීඩියෝ කරලා

1 min read

කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන සහ කාවන්තිස්ස ඝාතන සිද්ධියට අදාළව ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවවෙ පවතින නඩුවට පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින මීගලෑව වනජීවි අඩවි ආරක්ෂකවරයාට එළැඹෙන 19 දින අධිකරණය හමුවෙි පෙනී සිටින ලෙස ගල්ගමුව මහේස්ත්‍රාත් රවින්ද්‍ර රංජන් බණ්ඩාර නියෝග කළේය.

මහෙස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ කාවන්තිස්ස ඇතාගේ මරණයට අදාළව ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව, බෙස්ට් විෂන් ෆවුන්ඩෙිෂන් සංවිධානය වෙනුවෙන් නීතිඥ රෝහිත රාජකරණා මෝෂමක් මගින් යළි කැඳවා, කළ කරුණු දක්වීමක් සැළකිල්ට ගනිමිනි.

ඒ අනුව අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ රෝහිත රාජකරුණා කියා සිටියේ කාවන්තිස්ස ඇතාගේ අකල් මරණය සම්බන්ධයෙන්ව වනජීවි දෙපාර්තමේන්තුවෙි නිලධාරීන්ට විවිධ පාර්ශව චෝදනා එල්ල කිරීම නිවැරදි නොවන බවයි. කැපවීමෙන් රාජකරි කරන නිලධාරින් සිටින බව ද කී නීතිඥවරයා පැවසීය. කාවන්තිස සිද්ධියේදී වනජීවි දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් සිය වගකීම් පැහැර ඇති බවට සමාජයේ සැකයක් පවතින බව ද ඔහු අධිකරණයට පැවසුවේය.

කාවන්තිස්ස ඝාතන සිද්ධියට වනජීවි දෙපාර්තමේන්තුවේ සමස්ත පශූ වෛද්‍යවරු නිකරුනේ චෝදනාවන්ට ලක්විය යුතු නැති බවත් සඳහන් කළ නීතිඥවරයා වගකීමෙන්, කැපවීමෙන් හා සත්ව කරුණාවෙන් රාජකාරි කරන පශූ වෛද්‍යවරු රැසක් සිටින බවද කීවේය.

ජනප්‍රිය පුවත්  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කෙරේ

කාවන්තිස්ස කුලප්පු කරමින් ප්‍රතිකාර කරන මුවාවෙන් ඇතා වීඩියෝ කළ පශු වෛද්‍යවරුන් ද සිටින බවත්, ඒ සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පැවැත්විය යුතු බවත් නීතිඥවරයා කීවේය. මෙකී සියළු චෝදනාවන්ට සැබෑ වගකිව යුත්තන් සොයා ගැනීමට කාවන්තිස්ස ඇතාගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව විදේශීය ස්වාධීන විශේෂඥ පශූ වෛද්‍ය කණ්ඩායමකට යොමු කර විශේෂඥ මතය සමඟ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වනජීවි නිලධාරින්ට නියෝග කරන ලෙසත් ඉල්ලා සිටියේය. මේ අතර වනජීවි ඡායාරූප ශිල්පි පැතුම් බණ්ඩාර වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය කියා සිටියේ කාවන්තිස්ස ඇතාගේ ශරීර කොටස් මේ වන විට වැඩිදුර පරක්ෂණ කටයුතු සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට යවා ඇති බවයි. එකී විමර්ශන වාර්තාව විශේෂඥ පශූ වෛද්‍ය මණ්ඩලයක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වනජීවියට නියෝග කරන්නැයිද ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය. නී්තිඥවරුන්ගේ කරුණු දැක්වීම් සැළකිල්ලට ගත් ගල්ගමුව මහේස්ත්‍රාත් රවින්ද්‍ර රංජන් බණ්ඩාර නීතිඥවරුන් එල්ල කරන චෝදනා සහ අධිකරණයෙන් කරන ඉල්ලීම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නොවැම්බර් මස 19 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මීගලෑව වනජීවි අඩවි ආරක්ෂකට නියෝග කරනු ලැබීය.

ජනප්‍රිය පුවත්  බෙංගාල බොක්කේ පෙරළියක්! BBC රතු එළි දල්වයි!

මේ අතර කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමෙි සිද්ධියට අදාළ නඩුව එළැඹෙන 11 දින මහව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x