අනාථ වී සිටින ආණ්ඩුව පාස්කු ප්‍රහාර සිද්ධියෙන් ගන්නේ වෙන ආතල් එකක්.. කළුපටි පැළඳගෙන, ලෝගු දමාගෙන පියතුමන්ලා දේශපාලනය කරන්න එපා.. – මීගමුව යුක්තියට පදනම සන්ධානය
1 min read
පාස්කු ප්‍රහාරය සිදුවී වසර 7ක් ගතවී ඇති බවත්, කාලයෙන් කාලයට මෙම පාස්කු ප්‍රහාරය දේශපාලන පන්දුවක් බවට පත්වන බවත් ‘2019 අප්‍රේල් 21 මීගමුව යුක්තියට පදනම’ සන්ධානයේ නෙක්ස්ටා ප්‍රනාන්දු මහතා පවසයි.
මෙම දේශපාලන පන්දුවට තුළ කතෝලික සභාව රැවටෙන අවස්ථා බොහෝ ඇති බවත් පවසන ඒ මහතා, කාදිනල්තුමා එක් කාලයක ගෝඨාභය ජනාධිපතිවරයා ගෙන ඒමට සහාය ලබාදුන් බවත් දැන් අනුර කුමාර ජනාධිපතිවරයාව බලයට පත් කිරීමට කාදිනල්තුමා සහාය ලබාදුන් බවත් සඳහන් කරයි.
කාලයාගේ ඇවෑමෙන් සුරේෂ් සලේ කරලියට පැමිණ ඇති බවත්, චැනල් 4 නාලිකාව කියූ ලෙස මහ මොළකරුවෙක් දැන් එලියට පැමිණ ඇති බවත් වසර 7ක් සපිරීමට පෙර මෙම කතා ලොකුවට ප්‍රචාරය නොවූ බවත් ඔහු සඳහන් කරයි.
මේ අයට අවශ්‍ය සලේව මරා ගැනීමටදැයි ප්‍රශ්නයක් ඇති බවත්, දැනටමත් සැකකරුවකු පමණක් වන සලේව වැරදිකරු බවටද මේ අය තීරණය කර ඇති බවත් ඔහු සඳහන් කරයි.
කළුපටි පැළඳගෙන, ලෝගු දමාගෙන පියතුමන්ලා දේශපාලනය කරනවා නම් එය අනුමත කළ නොහැකි බවත් පවසන ඒ මහතා, ජූඩ් ක්‍රිෂාන්ත සහ සිරිල් ගාමිණී වැනි පියතුමන්ලා කතෝලික සභාව ගෙනයන්නේ කොහේටදැයි ප්‍රශ්න කරයි.
අනාථ වී සිටින ආණ්ඩුව මෙම ක්‍රියාදාමය හරහා තමන්ගේ අඩුපාඩු වසා ගැනීමේ ක්‍රියාදාමයක නිරතවී සිටින බවද ඔහු චෝදනා කරයි.
