ඔස්මන්ට DO ගහයි
1 min read
සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඔස්මන් ගුණසේකර මහතාට ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත යටතේ පැය 72ක රැඳවුම් නියෝග නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුඩ්ලර් ප්‍රකාශ කළේය.
ගණේමුල්ල සංජීව ඝාතනයට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම යටතේ ඔහු අත්අඩංගුවට ගත් බවත්, අත්අඩංගුවට ගනිද්දී ගිනිඅවියක් සහ උණ්ඩ කිහිපයක් සොයා ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කීවේය.
ගණේමුල්ල සංජව 2025 පෙබරවාරි මාසයේදී ඝාතනය කරනු ලැබුවේ කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුලදීය. ඊට සැකපිට නීතිඥවරියක ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගනු ලැබ සිටියි. ගණේමුල්ල සංජීව මෙන්ම ගණේමුල්ල සංජීව ඝාතනය මෙහෙහවූ බව කියන කෙහෙල්බද්දර පත්මේ යන දෙදෙනාම අවස්ථා කිහිපයකදී ඔස්මන් ගුණසේකරව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කර තිබූ බව පොලිසිය පවසයි.
