2023 වසරේ දෙසැම්බර් 27 වනදායින් පසු ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 329.92ක් වෙයි
1 min read
ශ්‍රී ලංකා මහ බැංකුව අද (14) නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 329.92 ක් ලෙස සටහන්ව තිබෙනවා.
මෙය 2023 වසරේ දෙසැම්බර් 27 වනදායින් පසු වාර්තා වූ ඉහළම විකුණුම් මිල ලෙස ඉතිහාසයට එක්වෙනවා.
එදින ඩොලරයේ විකුණුම් මිල වාර්තා වූයේ රුපියල් 330.38ක් ලෙසයි.
පසුගිය මාස කිහිපය පුරා සාපේක්ෂව ස්ථාවර මට්ටමක පැවති ඩොලරයේ අගය මෙලෙස ඉහළ යාම වෙළෙඳපොළ තුළ විශේෂ අවධානයට ලක්ව ඇති බවයි වෙළෙඳපොළ විශ්ලේශකයින් පවසන්නේ.
