ඒක පුද්ගල ණය බර ලක්ෂ 15 යි !
1 min read
2024 දෙසැම්බර් වන විට පැවැති මෙරට ඒක පුද්ගල ණය බර 5.1% කින් වර්ධනය වී මේ වනවිට එක් පුද්ගලයකුගේ ණය බර 1,479,822 (ලක්ෂ 15 ට ආසන්න) බවට පත්ව තිබේ. භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මගින් දේශීයව ගෙන ඇති ණය ප්‍රමාණයේ ඉහළ යාම මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා තිබේ.
මෙරට දේශීය සහ විදේශීය ණය වෙන් වෙන් වශයෙන් විමසූ විට රජයේ සමස්ත ණය අතුරින් දේශීය ණය 62% කට වඩා වැඩි ප්‍රමාණයක් වේ. භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මගින් කෙටිකාලීන, අධික පොලියට ණය ගැනීම මේ සඳහා බලපා තිබේ.
වත්මන් පාලනය බලයට පැමිණීමෙන් පසුව පමණක් (2024 දෙසැම්බර් සිට මේ දක්වා) භාණ්ඩාගාර බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත් වැනි රජයේ සුරැකුම්පත් වෙන්දේසිය හරහා රුපියල් ට්‍රිලියන 3.5 කට අධික ණය ප්‍රමාණයක් ලබාගෙන තිබේ.
මහබැංකුව විසින් පවත්වන ලද සතිපතා වෙන්දේසිවල අවසන් දත්ත අනුව, මෙම බිල්පත් කල්පිරෙන කාලසීමාව තුළ 10.14% ත් 10.21% අතර වන ඉහල පොලී මට්ටමක පවතී. දින 91 බිල්පත් (මාස 3) 10.14% ක පොලී අනුපාතයකට ද, දින 182 ක (මාස 6) බිල්පත් 10.21% ක පොලී අනුපාතයකට ද, දින 364 ක (වසර 1) බිල්පත් සඳහා 10.17% ක පොලී අනුපාතයක් ද ලබා දී තිබේ.
දැන් මෙම ආකෘතියට ලබාගන්නා දේශිය ණය බොහොමයක් යොදාගන්නේ ඒ වනවිටත් ලබාගෙන ඇති කල්පිරුණු ණය පියවා දැමීම සඳහාය.
- දසුන් වීරමුණි –
