June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

එල්ලා මරන්න පාසැල් සිසුන් 5ක්!

1 min read

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ බන්ධනාගාරය තුළ සිටින එල්ලා මැරීමට තීරණය වූ සිරකරුවන් අතර පාසැල් සිසුන් 5 දෙනෙකු ද සිටින බවයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ නාවලපිටිය ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගී වෙමිණි.

”එල්ලා මරන්න නියමිත පිරිමි ඉන්නවා බන්ධනාගාරය තුළ 805ක්. එල්ලා මරන්න නියමිත ගැහැනු ඉන්නවා 21ක්. අර 805 අතර ඉන්නවා පාසැල් සිසුන් 5ක්. මට හිතාගන්න බැරි මෙච්චර උගත් සමාජයක් කොහොමද කුලියට මිනී මරණ සමාජයක් බවට පරිවර්ථනය වුණේ . කොහොමද මත්ද්‍රව්‍ය ගෙනල්ලා මේ රට වනසන තැනට ඒ මිනිස්සු පත්වුණේ. ඒ හැමදේකටම මුල මේ රටේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ. අනිවාර්යෙන්ම ඔවුන් එල්ලා මැරිය යුතුයි. ඔවුන් විනාශ කරන්නේ ජාතියක්.” යනුවෙන්ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නාවලපිටිය Underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x