June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

එල්නිනෝවෙන් ජුනි ජූලි මාසවල වැස්සේ සැර බහී

1 min read

එල්නිනෝ බලපෑම මත වයඹ, සබරගමුව යන පළාත්වලටත්, මහනුවර, නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවලට ජූනි, ජූලි සහ අගෝස්තු මාසවලදී අපේක්ෂිත වර්ෂාපතනයට වඩා අඩු වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (අනාවැකි) මෙරිල් මෙන්ඩිස් පැවසීය.

එල්නිනෝ තත්ත්වය ජූනි මාසයේදී බලාපොරොත්තු වන බවද ඔහු පැවසුවේය.

එල්නිනෝ තත්ත්වය මෝසම් තත්ත්වයට බලපෑමක් එල්ල කළත්, එය විශාල බලපෑමක් නොවන බවට දැනට පුරෝකථනය කර තිබෙන බවද ඔහු කියා සිටියේය.

එල්නිනෝ වැනි තත්ත්වයන් සමග මෝසම් ප්‍රවාහය මඳක් දුර්වල කරන බවත්, මේ නිසා අපේක්ෂිත වර්ෂාපතනයට වඩා අඩු වර්ෂාපතනයක් ලැබීමේ ඉඩකඩ වැඩි බවද ඔහු කීවේය.

කෙසේ නමුත්, දිවයිනේ අනෙකුත් පළාත්වලට සාමාන්‍ය වර්ෂාපතන තත්ත්වයම අපේක්ෂා කරන බවද අධ්‍යක්ෂවරයා පැවසුවේය.

නිරිත දිග මෝසමේ දායකත්වය වාර්ෂික වර්ෂාපතනයෙන් සියයට 26 ක් පමණ බවත්, ඉන් වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේද මෙරට නිරිත දිග කොටසට බවත්, එනම්, බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් වලටත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලට බවද ඔහු කියා සිටියේය.

උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වලට නිරිත දිග මෝසමෙන් ලැබෙන වර්ෂාපතනය අඩු බවද ඔහු පැවසීය.

ජනප්‍රිය පුවත්  'මැද පෙරදිග යුද්ධයේ බලපෑම ලෝක ආර්ථිකයට තුන් ආකාරයකින් බලපානවා' - IMF

නිරිත දිග මෝසම මැයි මාසයේ අග ආරම්භ වී සැප්තැම්බර් මාසයේ අග දක්වාම ක්‍රියාත්මක වන බවත්, සාමාන්‍යයෙන් ජුනි, ජූලි වලදී වර්ෂාපතනය අඩු බවද ඔහු කීවේය.

මධ්‍යම කඳුකරයේ විශාල විදුලි බලාගාර වන වික්ටෝරියා, රන්දෙනිගල ආදිය පිහිටා ඇත්තේ මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුමේ බවත්, එම ජලාශවලට වඩා නිරිත දිග මෝසමෙන් වර්ෂාපතනය ලැබෙන්නේ ලක්ෂපාන, කොත්මලේ ආදී කඳුකරයේ බටහිර බෑවුමේ ජලාශවලට බවද ඔහු පැවසීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x