October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

එන සතියේ නිරිතදිගට මහ වැසි

1 min read

උතුරු අන්දමන් දූපත් ආශ්‍රිතව නිර්මාණයවී තිබෙන පීඩන කලාපය ඉදිරියේදී සුළි කුණාටුවක් බවට පරිවර්තනයවීම නිසා, එම පද්ධතිය හරහා මෙරටට ඇදී එන සුළං ප්‍රවාහයේ බලපෑමෙන් ලබන සතියේ මෙරට නිරිත දිග ප්‍රදේශයට මිලිමීටර් 75 ත් 100 ත් අතර වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත අඩුපීඩන කලාපය ඊයේ (24 වැනිදා) දිනයේ පීඩන අවපාතයක් බවට පත්වීමට නියමිතව තිබුණු බවත්, එය බොහෝ දුරට අද (25 වැනිදා) දිනයේදී ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වනු ඇතැයිද ඉන්දියානු කාලගුණික අංශ විසින් පුරෝකථනය කර තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (අනාවැකි) මෙරිල් මෙන්ඩිස් පැවසීය.

මෙම පද්ධතිය ලබන සඳුදා (26 වැනිදා) වන විට බොහෝ දුරට සුළි කුණාටුවක් බවට පත්ව උතුරු අන්ද්‍රා ප්‍රදේශයට ගමන් කරනු ඇතැයිද අධ්‍යක්ෂවරයා පැවසුවේය.

මෙම පද්ධතියේ ඝෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නැතත්, එම පද්ධතිය හරහා ඇදී යන සුළං ප්‍රවාහයේ බලපෑම මත මෙරට නිරිත දිග කලාපයට එනම් බස්නාහිර, සබරගමුව, මධ්‍යම යන පළාත්වලටත් දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ලබන 28 වැනිදා පමණ තෙක් මිලි මීටර් 75 ත් 100 ත් අතර වැසි ඇදහැලෙනු ඇතැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ පැවසීය. අධික වැසි තත්ත්වයන් පවතිද්දී කඳුකර ප්‍රදේශවල මාර්ග භාවිතයේදී දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේය. එමෙන්ම, හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 ක්ෂණික දුරකථන අංකයට දැනුම් දෙන ලෙස එම මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ජනප්‍රිය පුවත්  රනිල් කැහැපට ගසයි!
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x