October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කුවේට්හිදී ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු සැකකටයුතු ලෙස මියයයි

1 min read

කුවේට් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇති බවත්, එම සිදුවීම් සම්බන්ධයෙන් එරට බලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් එරට ‘අරාබි ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

මෙසේ මියගිය එක් කාන්තාවකගේ සිරුර අලි සබා අල්-සලීම් ප්‍රදේශයේ පිහිටි නිවසක උඩු මහලේ ගබඩා කාමරයක තිබී හමුවී ඇත. මෙලෙස මියගොස් ඇත්තේ 1988 වසරේ උපත ලැබූ කාන්තාවක් බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු තහවුරු කරගැනීමෙන් අනතුරුව, ඒ පිළිබඳ අහ්මදි මහජන පැමිණිලි මෙහෙයුම් කාර්යාංශය දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම සිදුවීම සැකකටයුතු මරණයක් ලෙස තහවුරු කර ඇති අතර, සිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා වෛද්‍ය පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.

මීට අමතරව මරණයට හේතු වූ පසුබිම අනාවරණය කරගැනීම සඳහා එරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද යොමුකර තිබේ.

අනෙක් මරණය අල්-නහ්දා ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, එලෙස මියගොස් ඇත්තේ 1999 වසරේ උපත ලැබූ කාන්තාවක් බව සඳහන්.

ජහ්රා මහජන පැමිණිලි මෙහෙයුම් කාර්යාංශයේ උපදෙස් මත ඇගේ මළසිරුරද වෛද්‍ය පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.

ජනප්‍රිය පුවත්  කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කරයි - අධිකරණ ඇමති
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x