October 27, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

1 min read

මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඩොලර් 3කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තීරණය කිරීම සඳහා භාවිත කරන ප්‍රධානතම ප්‍රමිතිගත දර්ශකය වන බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 3.55කින් (3.14%) ඉහළ ගොස් ඩොලර් 116.72ක් ලෙස සටහන් වී ඇත.

ලෝකයේ අලෙවිවන බොරතෙල් ප්‍රමාණයෙන් 60%කට වඩා වැඩි ප්‍රමාණයක මිල තීරණය වන්නේ මෙම බ්‍රෙන්ට් මිල පදනම් කරගනිමිනි.

ඒ අනුව පසුගිය මාස 6කට ආසන්න කාලය, එනම් අප්‍රේල් 29 වනදායින් පසු වාර්තා වූ ඉහළම අගය වේ.

එමෙන්ම අමෙරිකානු WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 3.80කින් (3.8%) ඉහළ ගොස් ඩොලර් 103.27 ක් ලෙස සටහන් විය.

මේ අනුව මෙම සතියේදී පමණක් බ්‍රෙන්ට් තෙල් මිල 6%කින්ද, WTI මිල 2.3% කින්ද ඉහළ ගොස් ඇත.

ලොව විශාලතම බොරතෙල් අපනයනකරුවා වන සෞදි අරාබිය සහ යේමනයේ හූති කැරලිකරුවන් අතර සටන් තීව්‍ර වීමත් සමග සෞදියට එල්ල වූ ප්‍රහාර සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආසන්න මුහුදේ සිදුවූ තෙල් කාන්දුවක් මෙම මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ජනප්‍රිය පුවත්  අල්ලස් කොමිසමේ D.G. ජෙප්පෙක්! නන්දන කියයි
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x