June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉන්දීය විශේෂ කණ්ඩායමක් ලංකාවට !

1 min read

ශ්‍රී ලංකාව ඉන්දියාවට එකඟ වී ඇති දේවල් ක්‍රියාත්මක කිරීමේදී දක්වන පසුගාමී ස්වභාවය හේතුකොටගෙන එම තත්වය පිළිබඳ සිය දැඩි විරෝධය ඵළ කිරීම සඳහා විශේෂ දූත පිරිසක් හෙට (21) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම දූත පිරිසට එරට විදේශ අමාත්‍යාංශයේ කණ්ඩායමක් හා ආරක්ෂක විෂය බාර කිහිපදෙනෙකුද නියෝජනය වන බව පැවසේ.

ශ්‍රී ලංකාවේ වත්මන් පාලනය, මෙතෙක් පැවැති කවර පාලනයක්වත් නොකළ අන්දමින් ඉන්දියාවට හා චීනයට අසත්‍ය කරුණු පවසා එකඟ වූ දේ නොකර හරින බව මේ වන විට ඉන්දියාව වටහාගෙන තිබේ. චීනය විරුද්ධ බව පවසා ඉන්දියාවත්, ඉන්දියාව විරුද්ධ බව පවසා චීනයත් රැවටීමට ලක් කිරීම විදේශ ප්‍රතිපත්තිය බලාංශයට ඇද දැමීමක් බව ඉන්දියාවේ අදහස වී ඇත. රුසියාව අතරමැදියකුව සිටිමින් මේ දෙරට (චීනය හා ඉන්දියාව) අතර මේ පිළිබඳ අවබෝධය ඇති කර දී තිබේ.

ලබන අගෝස්තු මාසයේ දී ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවැත්වීමට නියමිත “බ්‍රික්ස්” රාජ්‍ය නායක හමුව ලෝකය කෙරෙහි ඉහත තීරණාත්මක බලපෑමක් ඇති කෙරෙන බලගතු තීරණ රැසක් ගැනීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකාව මෙහිදී ඇද වැටී ඇත්තේ “බ්‍රික්ස්” නොසලකා හරින ලද රටවල් ගණයට ය. “බ්‍රික්ස්” සමුළුවේ දී ගනු ලබන නව තීරණ සමග ඇමරිකා එක්සත් ජනපදය තවත් අර්බුද රැසකට ලක්වනු ඇතැයි වාර්තා වේ.

ජනප්‍රිය පුවත්  ඇමරිකාවට යන්න කලින් හර්ෂ රනිල්ව හමුවේ !

21 දා පැමිණෙන ඉන්දීය දූත පිරිස මෙරට මහබැංකු අධිපතිගේ ක්‍රියා කලාපය පිළිබඳව ද ජනාධිපතිවරයා දැනුවත් කිරීමට නියමිතව ඇත. ‍ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත වරක් දරුණු බිඳවැටීමට ලක්ව ඇති බැවින්, එම තත්වය තුළ තම අවශ්‍යතා ඉටු කර ගැනීමට කඩිනමින් උත්සාහ කිරීම මෙම ඉන්දීය දූත කණ්ඩායමේ අපේක්ෂාව වී තිබේ.

  • තාරක හීන්කෙන්ද –
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x