June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඇඹිලිපිටියේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්නක්

1 min read

ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක අද (03) පෙරවරුවේ ඇති වූ ගින්නකින් එහි සේවිකාවන් 22 දෙනෙකු පමණ රෝහල්ගත කර තිබේ.

ඇඹිලිපිටිය නෝනාගම සුදුපාලම අසල ප්‍රදේශයේ පිහිටි රෙදිපිළි කර්මාන්ත ශාලාවක ගබඩාවක් තුළ මෙම ගින්න හටගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

ගින්න හේතුවෙන් පිළිස්සුම් තුවාල ලැබූ සහ විෂ දුම ආඝ්‍රාණය වූ අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් පිරිසක් මෙලෙස ඇඹිලිපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්ය.

හම්බන්තොට සහ ඇඹිලිපිටිය ගිනි නිවන ඒකක විසින් ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටින අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x