May 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පාර්ලිමේන්තුවේ විපක්ෂය හොරකම සෝදයි !

1 min read

ඊයේ (30) පාර්ලිමේන්තුවේදී පැවැති මුදල් පිළිබඳ කාරක සභාවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහභාගී වුවද එහිදී තියුණු ප්‍රශ්නකිරීමක් සිදු කිරීමට එම කාරක සභාවේ සභාපති පා.ම. හර්ෂ ද සිල්වා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් ක්‍රියා කර නොමැති බව වාර්තා වේ. එයට හේතු වී ඇත්තේ ජනාධිපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සිදුකරන ලද ඉල්ලීමකි.


දුරකථනය මගින් ඊයේ (30) උදෑසන විපක්‍ෂ නායකවරයා ඇමතූ ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ, මුදල් ලේකම්වරයා අදාල කාරක සභාවට සහභාගී කළ හැකි බවත්, එහෙත් විපක්ෂයේ මන්ත්‍රීවරු අනවශ්‍ය පීඩනයක් ඔහු වෙත එල්ල නොකළ යුතු බවත් ය. ජනාධිපතිවරයා මෙම පණිවුඩය හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා වෙත ද ලබා දී තිබේ.


ඒ අනුව කාරක සභාව තුල අදාල ප්‍රශ්නය සාකච්ඡා කර ඇත්තේ දැනට රහස් පොලිසිය මගින් සිදු කරන පරීක්ෂණවලට බාධාවක් නොවන ප්‍රමාණයට බව වාර්තා වේ. ඇතැම් කරුණු මතු කළ විට මුදල් ලේකම්වරයා පවසා ඇත්තේ දැනට සිදු කරන පරීක්ෂණවලට බාධාවක් විය හැකි බැවින්, එම තොරතුරු පැවසිය නොහැකි බවය. විපක්ෂයේ මන්ත්‍රීවරුද එම මතයට හිසනමා ආණ්ඩුවට අවශ්‍ය පරිදි ක්‍රියා කර තිබේ.

ජනප්‍රිය පුවත්  බුද්ධි අංශ හා පොලිස් නිලධාරීන්ට පහර දුන් පිටකොටුවේ 12ක් රිමාන්ඩ්!


අදාළ කාරක සභාව නිමාකර, පාර්ලිමේන්තුවෙන් පිටතට එන විට මාධ්‍ය ප්‍රශ්න කිරීම් වෙත පිළිතුරු දුන් ස.ජ.බ. පා.මා. හර්ෂණ රාජකරුණාගෙන් හා මුදල් කාරක සභාවේ සභාපති ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ සිල්වාගේ ප්‍රකාශ සිවුම්ව විමර්ශනයට ලක් කළ විට රු.කෝටි 80 ක (ඩො.මි. 2.5 ක) මෙම හොරකම සුළු කොට තකන අන්දම පැහැදිලි වේ.


එරාන් වික්‍රමරත්නට ක්‍රිකට් පාලක මණ්ඩලය බාරදීමෙන් හා විපක්ෂයේ මෙම ආණ්ඩුවට හිතකර හැසිරීමෙන් නව දේශපාලන සන්ධානයක් බිහිවෙන ලකුණු විය හැකි යැයි ඇතැම් දේශපාලන නිරීක්‍ෂකයෝ පෙන්වා දෙති.


තරිඳු ශ්‍රී විජයංග

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x