August 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අස්වැසුමේ මූල්‍ය වංචාවක්

1 min read

නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම අංශයේ නිළධාරින් දෙදෙනෙකු මුදල් වංචාවක් සම්බන්ධයෙන් හැටන් පොලිස් කොට්ඨාශයේ විශේෂ විමර්ෂණ ඒකකයේ නිලධාරින් විසින් ඊයේ (31) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, එම අංශයේ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුමට මුදල් බැර නොකර එම නිලධාරින්ගේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ ගිණුම්වලට මුදල් බැර කර ඇති බවට නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විගණන අංශය මඟින් කළ විමර්ෂණයකින් අනතුරුව නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත් මහතා විසින් හැටන් කොට්ඨාශ විශේෂ විමර්ෂණ ඒකකය වෙත කරන ලද පැමිණිල්ලක් මතය.

2025 වසරේ සිට මෙම මුදල් වංචාව සිදු කර තිබෙන බවත්, මෙම වංචා කළ මුදල මීට වඩා වැඩි වන්නට ඇති බවත්, ඒ වෙනුවෙන් එම කාර්යාලයේ තවත් නිලධාරින්ගේ සහයෝගය ලැබී ඇත්දැයි යන්න පිළිබඳව හැටන් පොලිසියේ විශේෂ විමර්ෂණ ඒකකය මඟින් වැඩිදුර විමර්ෂණය කරයි.

අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් තම අස්වැසුමට අදාළ මුදල් බැංකු ගිණුමට නොලද බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය වෙත ලිඛිතව දැනුම් දිමෙන් අනතුරුව ඒ පිළිබඳව සිදු කරන ලද මූලික විමර්ෂණයේදි මෙම මුදල් වංචාව අනාවරණය වි ඇත.

ජනප්‍රිය පුවත්  හදිසි මිලදී ගැනීමේ ගල් අඟුරු ටෙන්ඩරයෙන් මෙ.ටොන් 1කට ඩොලර් 30 ක් වැඩිපුර ගෙවන්න වෙලා! – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x