June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අපි ඉතිරි කළ දැවැන්ත මුදලින් ජනතාවට වැඩ කරනවා…! – මාලිමා මන්ත්‍රී ලාල් ප්‍රේමනාත්

1 min read

වත්මන් රජය විසින් ගතවූ වසර එකහමාරක් තුළ ඉතිරි කරන ලද දැවැන්ත මුදල් සම්භාරය මේ වන විට ජනතාවගේ සුවපහසුව සඳහා යොදවමින් සිටින නිසා ජනතාව සිටින්නේ ආණ්ඩුව සමග බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් පවසයි.

“මේ රටේ ඉතිහාසයේ ජනතාව වෙත එවන්න පුළුවන් උපරිම මුදල් ප්‍රමාණය මේ ඉතුරු කරන ලද දැවැන්ත මුදල් සම්භාරයෙන් ජනතාවගේ සුව පහසුව සඳහා වෙච්ච කටයුතු කරමින් ඉන්නවා.
අධ්‍යාපනයටද, සෞඛ්‍යටද, දිළිඳුකම පිටුදැකීම සඳහා ඇතුළු අනෙකුත් සියලුම දේ සඳහා වෙන්කරමින් ඉන්නවා. ඒ නිසා ජනතාව අපිත් එක්ක ඉන්නවා. ජනතාව අතරට යන්න අපිට එහෙම ගැටලුවක්, ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ.”

ලාල් ප්‍රේමනාත් මේ බව පැවසුවේ පසුගියදා අලපලාදෙනිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x