April 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සුරේෂ් සලේ සිරකුටිය තුළ ඝාතනය කිරීමේ තුච්ඡ නින්දිත කුමන්ත්‍රණයක්! – විමල් වීරවංශ

1 min read

හිටපු බුද්ධි අංශ ප්‍රධානි, මේජර් ජනරාල් සුරේෂ් සලේ සිරකුටිය තුළ ඝාතනය කිරීමේ තුච්ඡ නින්දිත කුමන්ත්‍රණයක් ආණ්ඩුව දියත්කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

“හිටපු බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ නිසි පරිදි අOධිකරණය දැනුම්වත් කිරීමකින් තොරව DO ගහලා රඳව ගෙන ඉන්නවා. මුල් කාලේ ඔහු රහස් පොලිසිය කාමරයක රඳවාගෙන තිබුණා. නමුත් අවශ්‍ය ආකාරයේ ප්‍රකාශයක් ඔහුගෙන් ලබා ගන්න නොහැකි වීම නිසා ඔහු ඉතාම අපිරිසිදු හිර කුටියකට දාලා.

ඒ කුටියේ මීයෝ ඇඟ උඩින් දුවනවා. දූවිලි පිරුණු කුටියේ බිම පත්තර කෑල්ලක ඔහුට නිදාගන්න වෙලා. නිදාගන්න පැදුරක්වත් නොදෙන තරමට රහස් පොලිසියේ අළුගෝසුවෝ ටික තුච්ච වෙලා. ඊට යාබදව අන්තිම අපිරිසිදු ගඳ ගහන වැසිකිළියක් තියෙනවා. ඒ ගඳට කන්න කටට ගන්න දේ කන්න බැරිව වමනේ දාන තැනට පත්වෙලා.

මේ හදන්නේ මේජර් ජනරාල් සුරේෂ් සලේ සිරකුටිය තුළම ජීවිතේ එපා කරවලා මරලා දාන්න. එදා යුද්දේ කාලේ රාජ්‍යයේ ඇහැ වගේ ක්‍රියාත්මක වෙමින් මරාගෙන මැරෙන්න ගිය මිනිස්සු ආරක්ෂා කරගත් රටේ බුද්ධි ප්‍රධානියාට තමයි, මේ තුච්ච සහ අවමන් සහගත ලෙස කටයුතු කරන්නේ.

ජනප්‍රිය පුවත්  අත්තනගලු ඔය ආශ්‍රිත ප්‍රදේශවලට අධික වැසි

මේ කරන අපරාදේට ඔහෙටයි ඔහේගේ ලොක්කටයි වැහිනැති හෙණ ගහන්නේ. මේ අළුගෝසුවන්ට අපේ බුද්ධි අංශ නිලධාරීන්ගේ ජීවිත එක්ක මේ විදිහට සෙල්ලම් කරන්න දෙනවාද? මේවා නිහඬව බලං ඉන්නවා නම් අපි මොක්කුද? මේ පාහරයන්ට මේ පාහර වැඩේ කරන්න දෙන්න බෑ. අපි රටේම ජනතාවගෙන් ඉල්ලනවා, ඉදිරි දිනක රහස් පොලිසිය ළඟට ආයේ යන්න නෙමෙයි, නතර වෙන්න බලාගෙන එන්න කියලා.”

විමල් වීරවංශ මේ බව ප්‍රකාශ කළේ ‘සලේ මරන්න එපා!’ යනුවෙන් සමුළුවක් අමතමිනි.

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x