June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සාදු කියන්න පින්වතුනී !

1 min read

පැලවත්තේ මූලස්ථානයට නත්තලින් සැරසීම කැපය. ඒ බව අපි, “බුද්ධාගම පමණක් අබිං වීම හෙවත් පැලවත්තේ නූතන කතාව” යන හිසින් පෙර දී කතා කළෙමු. නත්තලට සැරසීම පැලවත්තට කැප වුවත්, වෙසක් සැරසිලි වෙතින් සැරසීම පැලවත්තට අකැපය. ඒ, බුදුදහම මත නිමැවුණු මහා සංස්කෘතිය පැලවත්තේ පුත්තුන්ට “ඇලජික්” නිසාය.

පැලවත්තේ පුත්තුන්ගේම නිවුන් සොහොයුරන් ටිකක් උතුරේ ද සිටින බව පැහැදිලිය. ඒ, ඒ පුත්තු විසින් යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිංහල දූ දරුවන් විසින් සිදු කර තිබූ වෙසක් සැරසිලිවලට ගිනිතබා වනසා තිබෙන නිසාය. පැලවත්ත රට පාලනය කරද්දි, උතුරේ සිටින ඒ වර්ගයේ වෙනත් පුත්තු වෙසක් සැරසිලි වෙතින් තම වෛරය පිට කිරීම අමුතු සංසිද්ධියක් නොවේ.

උදාහරණයක් ලෙස කොළඹ දිස්ත්‍රික්කය ගතහොත්, යාපනය දිස්ත්‍රික්කයේ හැරුණු විට වැඩිම දෙමළ ජනගහණයක් ජීවත්වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ය. හින්දු වේල් පෙරහැරට එහි ඇති බාධාවක් නැත. නත්තල් ගවලෙන රෑ ජාමේ ඇවිත් ගිනි තියන වුන් එහි නැත. රාමසාන් නිමා කර නෝම්බි නිමා කරන ඉස්ලාම් බැතිමතුන්ට මොනම බාධාවක්වත් නැත. ඒ සිංහල බෞද්ධ බහුතරය යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ අන්‍ය ආගමිකයන්ට හිමිවී තිබෙන හිමිවිය යුතු තත්වයය.

ජනප්‍රිය පුවත්  පින්ටෝ අනතුරුදායකයි! ප්‍රවේශමෙන් පරිහරණය කරන්න!

එහෙත් උතුර එහෙමද? යාපනය තිස්ස රජමහා විහාරය ඉදිරිපිට පෝය දවසට ඉන්නේ වෛරය වපූරන්නවුන්ය. නැගෙනහිර මුස්ලිම් ජනතාව බහුල නගරවල එක සිංහල කඩයක්වත් දමා ගත නොහැක. උතුරේ ඉඩම් සිංහලයකු සතුවිය නොහැක්කේ නල්ල මලේ තේසවලාම් නීතිය ප්‍රකාරවය. ඒ හැමදේම එසේ වෙද්දී “ජාතිවාදියා” යන “මානසික බාධාව” පමුණුවන්නේ සිංහලයාට ය. විශේෂයෙන්ම සිංහල බෞද්ධයාට ය.

යාපනය විශ්වවිද්‍යාලයේ කොටි හිතවාදී සිසුහු “ජන සංහාරක සති” සමරති. පහන් පත්තු කරති. ස්මාරක සාදා මල් තබති. කොහෙන්වත් කිසිදු බාධාවක් නැත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේත්, මොරටුව විශ්වවිද්‍යාලයේත් දෙමළ සිසුවෝ තම ආගමික අනන්‍යතා එලිපිට ප්‍රදර්ශනය කරති. ඊට බාධා නොවේ. එහෙත්, පැලවත්තේ “පැටව්” උතුරේ එම නිදහස වල දමති.

ඒ අල්ල පනල්ලේ නල්ල මලේ ජනාධිපති “නීතියට උඩින් කිසිවකුත් නැහැ” යි කියමින් සබා තොමෝ සිනා සාගරයක ගිල්වයි. අරගලයේ ද වෙසක් කූඩු කළු පාට විය. මීගමු පාර දිගේ ගාලුමුවදොර දක්වා අප්පුහාමිලා ආවේ කුරුසය කර ගහගෙන ය. අරගලය අවසාන වන විට පල්ලිනිකායිකවංශික ඕමල්පේ සෝභිත හිමි වදාලේ සිංහල බෞද්ධ බලය දැන් ඉතින් ඉවරයි කියාය. උන් වහන්සේට තරම් කාටවත් දුරදිග පෙනුනේ නැත ! යාපනය සරසවියේ වෙසක් කූඩු ගිනි තබන විට, පිංවතුනී, සාධුකාරය දිය යුත්තේ පල්ලිනිකායිකවංශික ඕමල්පේ සෝභිත හිමිට ය ! දැහැත් මල් රැගෙන යා යුත්තේ පැලවත්තට ය. අපට ඇත්තෙ සාදු කාර දිදී ඉන්නට පමණය. පුණරුද අමාරුව සනීපවන තුරු වෙන කරන්නට දෙයක් අපට ඇත්තේ නැත.

ජනප්‍රිය පුවත්  ඒ ''මිට්ටා" සහ මේ ''මිට්ටා"
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x