June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශ්‍රී ලන්කන් චෙන්නායි ගැහිල්ලක් ! ආණ්ඩුව නිහඬයි.

1 min read

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ චෙන්නායි කාර්යාලය පදනම් කරගෙන රුපියල් කෝටි 7 කට වැඩි මහා හොරකමක් මේ වන විට අණාවරණය වී තිබේ. එය එකවර සිදු කරන ලද්දක් නොව, කාලයක් තිස්සේ සිදු කර තිබෙන්නකි. ශ්‍රී ලන්කන් ප්‍රධාන කාර්යාලයේ ඉහළ නිලධාරින් හා එහි චෙන්නයි කාර්යාලයේ ඉහළ නිලධාරින් එක්ව මෙම හොරකම සිදු කර තිබේ. ව්‍යාජ ඉන්වොයිස් සාදා, මුදල් ගෙවීම මගින් මෙම හොරකම සිදු කර තිබෙන අතර, එම මුදල් ඉහළ නිලධාරින් කිහිපදෙනෙකු අතර බෙදී ගොස් තිබේ.

මෙමගින් ආයතනයේ මුදල් වංචා කිරීමට අමතරව, සැබෑ ලෙසම මුදල් ගෙවිය යුතු පාර්ශවයට එම මුදල් නොගෙවා සිටීම ද සිදුවේ.

මේ විට ශ්‍රී ලංකන් ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන දිමුතු ශාන්තකෝන් සහ චෙන්නයි කලාප භාර ෆවුසාත් ෆරීඩ් සහ තේජා තම්බිරාජා යනාදින් මෙම හොරකම යට ගැසීමට උත්සාහ දරමින් සිටිති. මේ පිළිබඳව වාර්තාවක් ලබාදීමට විගණන කණ්ඩායමක් යැවීමට තීරණය කර තිබුණ ද දිමුතු ශාන්තකෝන් ඇතුළු පිරිස එය දිගින් දිගටම ප්‍රමාද කරමින් සිටි.

ඇමැති අරුණ කරුණාතිලක හෙවත් කැලණි කරු ද මේ ගැන කිසිදු ප්‍රකාශයක් නොකිරීම බොහෝ දෙනාගේ සැකයට හේතු වී තිබේ

  • ලාල් ප්‍රේමරත්න –
ජනප්‍රිය පුවත්  ආර්ථිකය අනතුරේ ! රුපියල වතුරේ !
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x