June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විදෙස් ආයෝජකයෝ ඊයේ රු. බිලියන 3ක කොටස් විකුණති

1 min read

ඊයේ (26) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළෙන් රු. බිලියන 3.03ක ශුද්ධ විදේශ ගලා යාමක් (Net foreign out flow) වාර්තා වී තිබේ.

ඊයේ (26) දින රු. බිලියන 4.92ක ගනුදෙනු පිරිවැටුමක් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හරහා වාර්තා වී තිබුණු අතර එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 4.87ක් හා දේශීය විකිණුම් රු. බිලියන 1.84ක් ලෙසින් වාර්තා වී තිබුණි.

මේ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 48ක් තරම් පහළ අගයයක් ගනිද්දී ඊයේ දිනයේ දී රු. බිලියන 3.08ක විදේශීය විකිණුම් ප්‍රමාණයක් වාර්තා වී තිබීම විශේෂත්වයකි.

ඊයේ දිනයේ දී සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ මුල් පෙළේ විදෙස් කොටස්කරුවකු විසින් සිය කොටස් හිමිකාරීත්වයෙන් කොටසක් අලෙවි කර තිබීම මෙලෙස ශුද්ධ විදේශ ගලා යාමක් වාර්තා වීමට හේතු වී ඇති බව වාර්තා වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x