විදුලිබල සේවකයින් සියලු සේවාවලින් ඉවත්වීමට තීරණයක්!
1 min read
ඊයේ (09) පස්වරු 3 සිට ක්‍රියාත්මක වන පරිදි පැය 24ක කාලයක් ලංකා විදුලිබල මණ්ඩලයේ සමස්ත සේවකයින් සියලු සේවාවන්ගෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති 25ක් ඒකාබද්ධව මෙම තීරණයට එළැඹ ඇත.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා සඳහන් කළේ, විදුලි සේවකයින්ගේ සාමුහික ගිවිසුම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු සාධනීය පිළිතුරක් ලබා දී නොමැති බවයි. එම ගිවිසුම පිළිබඳ නිසි අධ්‍යයනයක් කර සාකච්ඡාවක් ලබාදෙන තුරු සේවකයින් සේවයට වාර්තා නොකරන බව ඔහු අවධාරණය කළේය.
වෘත්තීය ක්‍රියාමාර්ගය පැවතිය ද බලාගාර සහ ප්‍රධාන මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමට තීරණය කර ඇති බැවින් ක්ෂණික විදුලි බිඳවැටීමක් අපේක්ෂා නොකෙරේ. කෙසේ වෙතත්, වෘත්තීය සමිති සඳහන් කරන්නේ:
පද්ධතියේ සිදුවන කිසිදු බිඳවැටීමක් හෝ නඩත්තු කටයුත්තක් සිදු නොකරන බවයි.
පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!
