විජයග්රහණයේ දිනයේ ජාතික කොඩිය එසැවීම තහනම් !
1 min read
2009 මැයි 18 මානුෂීය යුද්ධය නිමාවීමෙන් පසු මෙරට වන සෑම හමුදා කඳවුරකම උදෑසන ප්රධාන රාජකාරිය වී තිබුණේ ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගායනා කර මියගිය රණවිරුවන් සිහිකිරීම ය. එය පසුගිය 2025 වසරේ දී ද සිදු කෙරිණි.
නමුත්, ඒ සඳහා සියළු කටයුතු සූදානම් කර තිබියදී ඊයේ (18) පෙරවරුවේ දී යුද හමුදා මූලස්ථානය සෑම හමුදා කඳවුරකට දැනුම් දී ඇත්තේ එදින ජාතික කොඩිය ඔසවා ඊට අදාළ වෙනත් කටයුතු කිරීමෙන් වලකින මෙන්ය.
ඒ අනුව, බලවත් අකමැත්තෙන් වුව ද සියළු හමුදා කඳවුරු තුළ පැවැත්වීමට සූදානම් කර තිබූ “විජයග්රහණයේ සමරුව” නතර කර තිබේ. එය මෙසේ සිදු වූයේ 2009 න් පසු පලමු වතාවට ය.
- සමන්ත හෙන්දාවිතරණ –
