June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රණවිරු සැමරුමට මහින්දට ආරාධනා නෑ… උතුරේ සැමරුම් අයිතිය රකිනවා…! – විජිත හේරත්

1 min read

යුද්ධයෙන් මිය ගිය ඕනෑම පුද්ගලයෙකු සැමරීරමට සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාට අයිතියක් ඇති බවත් ආණ්ඩුව එම අයිතිය ආරක්ෂා කරන බවත් අමාත්‍ය විජිත හේරත් පවසයි.

“මේ සඳහා ආරාධනා කරලා තියෙන්නේ ජනාධිපතිතුමා, ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර මහතා, ඒ වගේම මහජන ආරක්ෂක අමාත්‍යතුමා වෙනුවට නියෝජ්‍ය අමාත්‍යතුමා. ඒ අය තමයි අමාත්‍යවරුන් විදිහට සහ ජනාධිපතිතුමා විදිහට මැදිහත් වෙන්නේ. අනිත් අය ත්‍රිවිධ හමුදාව සහ පොලීසියේ අය ඊට අමතරව වෙනත් දේශපාලන අධිකාරියේ අයට ආරාධනා කරලා නෑ.

අපි කවුරුත් අකමැති වෙච්ච යුද්ධයකට රට මුහුණ දුන්නා ඒ යුද්ධයෙන් මියගිය, අනතුරට පත්වෙච්ච, ආබාධිතභාවයට පත්වෙච්ච සියලු දෙනාම අනුස්මරණය කිරීමේ අයිතිය සියලුම ජාතිකයින්ට තියෙනවා.

සිංහල ඒවා, දෙමළ වේවා, සියලු ජනතාවට තමන්ගේ ඥාතීන්, තමන්ගේ දෙමව්පියෝ, දරුවෝ මියගියා නම් ඒ අය අනුස්මරණය කිරීමේ අයිතිය ඒ හැමෝටම තියෙනවා. ඒ අයිතිය අපි උපරිමයෙන් ආරක්ෂා කරලා තියෙනවා. ඒ නිදහස අපි හැමෝටම ලබා දීලා තියෙනවා.”

අද (19) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ මේ බව පැවසීය.

ජනප්‍රිය පුවත්  Buddy කියන කුණුහරුපේ 2015 ඉඳලා පොත්වල… අපේ Buddy තමයි හාමුදුරුවන්ටත් පේන්නේ!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x