July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රට බංකොලොත් කළේ කවුද..? – මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

1 min read

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බංකොළොත් වීමට මූලික වූ හේතු සහ ඒ පිටුපස පැවති පරිපාලනමය දුර්වලතා පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විශේෂ අනාවරණයක් සිදු කළේය.

අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ, තමන් ධුරය භාර ගන්නා විට රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳ සත්‍ය තොරතුරු එවකට සිටි ජනාධිපතිවරයාගෙන් පවා වසන් කර තිබූ බවයි.

2022 අප්‍රේල් මස 08 වැනිදා තමන් මහ බැංකු අධිපති ධුරය භාර ගන්නා අවස්ථාව වන විට, මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 25ක් වැනි අතිශය අවම මට්ටමකට ඇද වැටී තිබූ බව ඔහු සිහිපත් කළේය.

එහෙත්, ඉදිරි මාසය තුළ පමණක් ඩොලර් බිලියන 6ක ණය වාරික ගෙවීමට තිබූ බව ද ඔහු අනාවරණය කළේය.

මට කලින් හිටපු මහ බැංකු අධිපතිවරු සහ මුදල් අමාත්‍යවරු රටේ සැබෑ තත්ත්වය ජනාධිපතිවරයාට හෝ පාර්ලිමේන්තුවට වාර්තා කර තිබුණේ නැහැ. ඔවුන් දිගින් දිගටම ප්‍රකාශ කළේ කිසිදු ප්‍රශ්නයක් නොමැතිව ණය ගෙවිය හැකි බවයි. නමුත් ඇත්ත තත්ත්වය වසන් කරමින් කටයුතු කිරීම නිසා රටේ ආර්ථිකය දැඩි අනතුරකට ලක් වුණා” යැයි අධිපතිවරයා සඳහන් කළේය.

ජනප්‍රිය පුවත්  සලේ අධි අවදානම් කාණ්ඩයට.. යම් හානියක් වුනොත් ජනාධිපති, රවී, ශානි වගකියන්න ඕනේ.. - සුරේෂ් සලේගේ බිරිඳ

“ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට තමන් ගත් තීරණය පිළිබඳව විපක්ෂය නගන චෝදනාවලට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, එය රට මුළුමනින්ම බිඳ වැටීම වැළැක්වීමට තිබූ එකම විකල්පය වූ බවයි.

අපි ණය හිමියන්ට දැනුම් දීලා මේ තීරණය ගත්තේ. එහෙම නොකළා නම් රට ‘Hard Default’ තත්ත්වයකට පත්වෙලා ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියෙන් මුළුමනින්ම කොන් වෙන්න ඉඩ තිබුණා. ඒ තීරණය ගත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව සහ පාර්ලිමේන්තුව දැනුවත් කරලයි” යනුවෙන් ඔහු අවධාරණය කළේය.

පෙර සිටි බලධාරීන් සත්‍යය වසන් කරමින් ණය ගෙවීමට උත්සාහ කිරීම හරහා රටේ අත්‍යවශ්‍ය ආහාර සහ ඉන්ධන ආනයනයට තිබූ මුදල් පවා විනාශ වූ බව පෙන්වා දුන් නන්දලාල් වීරසිංහ මහතා, වර්තමානයේ රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ එම වැරදි නිවැරදි කරමින් විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීම නිසා බව ද වැඩිදුරටත් කියා සිටියේය.“

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x