July 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොත්තු, රයිස් මිල රුපියල් 15කින් පහළට

1 min read

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීම හේතුවෙන් ආපනශාලා ආහාර මිල ගණන්ද පහළ දමන බව සමස්ත ලංකා ආපනාශාලා හිමියන්ගේ සංගම පවසයි.

ඒ අනුව කෑම පාර්සලයක් (බත්) රුපියල් 15කින්, ප්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 15කින්, කෙටි ආහාර රුපියල් 5කින්, පරාටා රුපියල් 5කින්, බිත්තර රොටියක් රුපියල් 5කින්, කිරි තේ එකක් රුපියල් 5කින් සහ ප්ලේන්ටී එකක් රුපියල් 5කින් අඩු කිරීමට පියවර ගත් බව එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසීය.

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල ගණන් පහළ දැමීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ලෝක වෙළෙඳපොළේ එල්.පී. ගෑස් මිලෙහි සිදුවූ අඩුවීමේ වාසිය පාරිභෝගිකයන් වෙත ලබාදීම සඳහා ලිට්‍රෝ ගෑස් මිල ගණන් අඩු කරන බව එම සමාගම ඊයේ (03) නිවේදනය කළේය.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනපරිදි කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් අඩු කෙරුණු අතර එහි නව මිල රුපියල් 4,465ක් විය.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 118කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,792කි.

ජනප්‍රිය පුවත්  ජනාධිපති සිංහල ජනතාවට වගේම දෙමළ ජනතාවටත් කරන්නේ හානියක්…! -අර්චුනා රාමනාදන්…

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55කින් අඩු කර ඇති අතර, එහි මිල රුපියල් 835ක් දක්වා පහත දැමුණි.

මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිලද පහළ දමා තිබුණි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,280කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රු. 4,965ක් වෙයි.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 512කින් අඩුකර ඇති අතර, එහි නව මිල රු. 1,988කි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x