රජය වී මිලදී ගත්තත් කොටන්න මෝල් නෑ…! – නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්
1 min read
වර්තමානයේ වී කිලෝවක් සඳහා ලැබෙන රුපියල් 95ත් 100ත් අතර මිල අසාධාරණ බවත්, එය රුපියල් 120 දක්වා වැඩි කළ යුතු බවත් නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
කෙසේ වෙතත්, රජය මැදිහත් වී වී මිලදී ගත්තද ඒවා කොටන්න) රජය සතුව ප්‍රමාණවත් මෝල් පහසුකම් නොමැති වීම ප්‍රධාන ගැටලුවක් වී ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.
පොළොන්නරුව ප්‍රදේශයේ පැවති හමුවකදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.
“අපි පිළිගන්නවා අද තියෙන රුපියල් 95-100 මිල සාධාරණ නැහැ කියලා. ඒක 120 දක්වා වැඩි කරන්න ඕනේ. හැබැයි රජයට තියෙන ප්‍රශ්නය තමයි, රජය වී මිලදී ගත්තත් ඒවා කොටන්න මෝල් නැති එක. ඉතින් අපි එකපාරටම මෝලක් මවන්නද?” යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.
රජය සතුව සහල් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නොමැති වීම හේතුවෙන් වී මිල තීරණය කිරීමේදී පෞද්ගලික මෝල් හිමියන් මත යැපීමට සිදුව ඇති බව ද ඔහුගේ අදහසයි.
