June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

යුද්ධය අවසන් කිරීමට පෙරමුණ ගත් සුරේෂ් සලේ, සිරිල් ගාමිණී පියතුමාට වඩා මට වටිනවා!

1 min read

මේ රටේ යුද්ධය අවසන් කිරීමට පෙරමුණ ගත් මේජර් ජනරාල් සුරේෂ් සලේ, සිරිල් ගාමිණී පියතුමාට වඩා තමන්ට වටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.

“පිල්ලෙයාන් DO ගහලා අවුරුද්දක් තියාගෙන ඉන්නවා. පිල්ලෙයාන්ගෙත් මොනවාද ගත් තොරතුරු කියලා ඇමති හරි පොලිසිය හරි රටට තවම කියලා නෑ. සලේ අත්අඩංගුවට ගත්තා. නැගෙනහිර බෝම්බ පුපුරන කොට අරුණ ජයසේකර නැගෙනහිර ආඥාපති. රවී සෙනෙවිරත්න CID එකේ. ශානි අබේසේකරත් එතන.

අනුර දිසානායක ජනප්‍රිය වෙනකොට, ජාතික ජන බලවේගය දිනනවා කියලා හිතන කොට ශානියි, අරුණයි, රවියි ඒ වේදිකාවට නැග්ගා. නැතිව එයාලා JVPකාරයෝ නෙමෙයි. ඒගොල්ලෝ මේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට කඩේ ගිය අය. එක්කෙනෙක් ඇමති වුණා. එක්කෙනෙක් ලේකම් වුණා. එක්කෙනෙක් CID ලොක්කා වුණා. සලෙත් ඒ වේදිකාවට නැග්ගා නම් එයාත් අද ඇමති කෙනෙක්. නැත්නම් වෙන ඉහළ තනතුරක.

කොටි දෙකට බෙදන්න සලේලා විශාල වැඩ කොටසක් කළා. යුද්දේ ඉවර කළේ සලේලා. ඒකට එක එක අය ලකුණු දාගත්තා. එදා බුද්ධි අංශවල වැඩ කළේ සිංහල අය නෙමෙයි, දෙමළ දන්න මුස්ලිම් අය. සලේ මේ ගැන අනතුරු ඇඟෙව්වා. විජේදාස රාජපක්ෂ 2017 ඒ ගැන පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. එදා ආණ්ඩුවයි, රවීලයි කිව්වා විජේදාස රාජපක්ෂ කොරහේ කිඹුල්ලු දකිනවා කියලා. සිරිල් ගාමිණී පියතුමා කියනවා සලේ ගැන කතා කරන්න එපා කියලා. එහෙම කතා කරන්න එයා කවුද? මේ රටේ යුද්දේ ඉවර කළ නායකයෝ සිරිල් ගාමිණී පියතුමාට වඩා අපට වටිනවා.”

ජනප්‍රිය පුවත්  රංග නඩු නොදමයි! නන්දනටම නඩු දාන්න කියයි!

අද (03) පාර්ලිමේන්තුව අමතමින් චාමර සම්පත් දසනායක මේ බව කීය.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x