October 21, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දිස්ත්‍රික්ක 07කට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

1 min read

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එම නිවේදනය අද (20) පෙරවරු 11.30ට නිකුත් කර ඇති අතර එය හෙට (21) අලුයම 1.30 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව මධ්‍යම, සබරගමුව, උතුරු – මැද, නැගෙනහිර, උතුරු, ඌව සහ දකුණු පළාත් සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ජනතාවට මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.

අදාළ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින අතර, තාවකාලික තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x