මේ තියෙන්නේ අපේ අවට රටවල ඉන්ධන මිල ප්‍රතිශත විදියට ගලපන විදිය.
1 min read
මේකේ එකම එක උදාහරණයක් විදියට සිංගප්පූරුව තියෙනවා. මොකද නැත්නම් අපේ රටේ ඉදලා දියුණු රටවලට ගියපු මෝඩ මිනිස්සු ඒ රටේ ඒක පුද්ගල ආදායම් නැතුව මිල වැඩි උන ගාන කියනවා. ප්‍රතිශතය කියන්නේ නෑ උන්.
🔴පෙබරවාරි ඉදලා මැයි වෙනකම් විතරයි ගත්තේ සුද්දේ තරම හරියටම බලාගන්න.
පෙට්‍රල් ඩීසල්
ලංකාවේ 27.6% 38.9%
ඉන්දියාව 7.7% 2.5%
මැලේසියාව 13% 13.8%
ජපානයේ 10.6 8.2%
නේපාලයේ 1.6% 2.3%
✅පාකිස්ථානයේ -4.5% -4.8%
මේ ඉලක්කම් ටික අර දරනාත් කියලා ඉන්න හදයා වගේ පොතේ ආර්ථික විද්‍යාව නැතුව ප්‍රායෝගිකව බැලුවම පේනවා හැමරටක්ම වගේ පෙට්‍රල් මිලට වඩා අඩුවෙන් ඩීසල් මිල වැඩි කරන්නේ. අපේ රටේ විතරයි අත්දැකීම් නැති පාලකයෝ ඒකේ අනිප්පැත කරන්නේ.
🟥මොකද ලෝකයේ භාණ්ඩ , පොදු මගී ප්‍රවාහනය දෙකම රැදෙන්නේ ඩීසල් එක්ක. පෙට්‍රල් ගෘහස්ථ හෝ කාර්මික වෙද්දී ඩීසල් මිල වැඩි වෙද්දී හාල් ඇටේ ඉදලා මිල වැඩි වෙනවා. හැබැයි අපේ අත්දැකීම් නැති පාලකයෝ ඔය සරල ආර්ථික න්‍යාය දන්නේ නෑ. මම හිතන්නේ මුං අර ඇඩ්වකාටා එකේ හාදයාගේ ආර්ථික කරන්න යන්නේ.
🔴තව දත්ත ටිකක් දෙන්නම්
ලෝකයේ සම්මත ක්‍රමයක් තියෙනවා තෙල් ලීටරයක් වෙනුවෙන් පුද්ගලයෙක් වැඩ කරන්න ඕන කාලය.
🔴අපේ රටේ – ලංකාවේ – විනාඩි 52යි.
ඉන්දියාවේ විනාඩි 26
වියට්නාමයේ විනාඩු 25යි
මැලේශියාවේ විනාඩි 9.8යි
සිංගප්පුරුවේ විනාඩි 6.6යි.
🟥😁මම උඹට රස්සාවට යන්න තෙල් ලීටර් 4ක් යනවා කියන්නේ උඹ රස්සාවක් කරලා නෑ. දෙපැත්තට ගනන් හැදුවම කරන වැඩෙන් වැඩක් නෑ රටේ ඒක පුද්ගල ආදායම එක්ක.වැටුප අනුව වෙනස් වෙනවා හොදේ.
🌐ලෝකයට වඩා වේගයෙන් ලංකාවේ ඩීසල් මිල වැඩි වෙන්න එලියේ ඉන්න මනුස්සයෙක්ට පේන්න පුළුවන් හේතු මොනවද?
- ලෝකයේ වැඩිම මිලකට ඩීසල් ගත්තා ආණ්ඩුව මෝඩ කමට හරි කොමිස් ගන්න හරි. අපි නෙවෙයි HSBC එකෙන් කිව්වේ. ආණ්ඩුව පිලිගත්තා.
- බාල ගල් අගුරු නිසා ඩීසල් තොග පිටින් පුච්චන්න උනා. අපි නෙවෙයි ජනාධිපතිතු පිලිගත්තා.
- කළමනාකරණයේ තියෙන අත්දැකීම් නැති එකත් බලපෑව වෙන්න පුළුවන්.
▪️හැබැයි දැන් ඔය පුඩිය කන්නේ ආණ්ඩුවද? නෑ බන් උබලා අපි වගේ එදා වේල හම්බකරහෙන කන මිනිස්සු. අපි දැන් මුංට ඉගෙන ගන්න ආණ්ඩුව කරන්නයි, කරපු නාස්තියට දූශණයටයි වන්දි ගෙවන්න ඕන.
මම හැමදාම කියන්නේ රාජ්‍යයක් පාලනය කරනවා කියන්නේ මහා විසාල වැඩක්. මේ වගේ පුංචි ලෝකවල ඉන්න පැංචන්ට එව්වා බෑ.
මේ මිනිස්සු පුංචියි වගේම මෝඩයි, උද්දච්චයි.
