July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මියගිය 24කගේ මරණ පරීක්ෂණ අවසන් – 14ක් වෙඩි වැදීමෙන්, 9ක් පහරදීම්වලින් මියගිහින්..

1 min read

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධියෙන් මියගිය පුද්ගලයන් 24 දෙනෙකුගේ මරණ පරීක්ෂණවලට අදාළ සාක්ෂි කැඳවීම් මේ වන විට අවසන් කර ඇති බව පොලිසිය පවසයි.

පසුගිය ජූලි 05 සහ 06 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුමට අදාලව සිදු කළ පරීක්ෂණවලදී මරණකරුන්ගෙන් 14 දෙනෙකු වෙඩි වැදීමෙන් සහ 9 දෙනෙකු පහරදීම් හේතුවෙන් මියගොස් ඇති බව අනාවරණය වී ඇති බවත්, එක් රැඳවියකුගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

මීගමුව රෝහලේදී මියගිය සමස්ත පුද්ගලයන් 28 දෙනාගෙන් 24 දෙනෙකුගේ මරණ පරීක්ෂණ කටයුතු මෙලෙස අවසන් කර මෘතදේහයන් ඥාතීන්ට භාර දී ඇති බව රෝහල් ආරංචි මාර්ගවලින් පැවසුණි.

ඉන්දීය ජාතිකයෙකුගේ මෘතදේහයක් ද ඇතුළුව තවත් මෘතදේහයන් හතරක් සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, මෙම සිද්ධිය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (08) දින මියගිය බන්ධනාගාර නියාමකවරයා සම්බන්ධයෙන් ඊයේ දින මාලිගාකන්ද අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, ඔහුගේ මරණයට අදාළ සාක්ෂි කැඳවීම් ද ඊයේ (09) දින අවසන් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ජනප්‍රිය පුවත්  හෝමූස් හරහා යන්න ගිය පාකිස්තාන නැවක් ඉරානය හරවා යවයි!

මීගමුව රෝහලේදී මෙම පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා පංච පුද්ගල අධිකරණ වෛද්‍යවරුන් කණ්ඩායමක් නම් කරනු ලැබ තිබිණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x