මැයි 18
1 min read
ඒ කාලයේ යාපනයේ “ජොගිං” යන්නට තියා උඩින් යන්නටවත් පුළුවන් තත්වයක් ඇති වී තිබුණේ නැත.
ඒ කාලයේයැයි කීවේ, 2009 මැයි 18 ට පෙර ය. හමුදාවල විරුවන්ටත් ආතල් එකේ “ජොගිං” ගියේනම්, එන්නට වෙන්නේ මිනී පෙට්ටියකය. මීට වසර 17 කට පෙර අප රටේ රණවිරුවෝ ඒ මිනීමරු ත්‍රස්තවාදය නැත්තටම නැති කළේය. ඔවුන්ට පින්සිද්ද වෙන්න අනුර කුමාර ජනාධිපති යාපනයේ පාරක “ජොගිං” යන ගමන් සාමාන්‍ය දෙමළ මිනිස්සු එක්ක “ෆොටෝ” ද ගහන්නේ ය. අනුන්ගෙ “ෆොටෝ” අපට “මොටෝ” යැයි කියා ඉවත බලාගෙන යෑමට අපට හැකියාවක් නැත.
රණවිරුවන් උදා කළ සාමය රටේ ජනාධිපති මෙසේ භුක්තිවිඳින විට, නැවත සාමය බිඳ දැමීමට උතුරේ අන්තවාදීන්ට මේ ආණ්ඩුව යටතේ නිදහස උදාකර දී ඇත. කොටි හිතවාදින් මේ දිනවල උතුරේ සමරන්නේ ජනසංහාරක සතිය ය. ගැටුමේ අවසන් කාලයේ දෙමළ ජනතාව ආහාරයට ගත්තේ ලුණු කැඳ පමණක් බව කියා ඔවුහු මේ දිනවල දෙමළ පාසල් දරුවන්ට “නන්දිකඩාල් කැඳ” පොවන්නේ ය. පත්‍රිකා බෙදා සිංහල ජාතිය හා සිංහල හමුදාව දෙමළ ජනසංහාරයක් කළ බවට මතය යුද්ධය නොදුටු දරුවන්ගේ සිත් තුළ රෝපණය කරන්නේ ය. එමගින් අනාගත ත්‍රස්තවාදය නිදහසේ රෝපණය කරන්නේ ය.
කොටි හිතවාදින්ට එසේ තම විෂ නිදහසේ දරුවන්ට පොවන්නට ඉඩ ලබා දී තිබෙන අනුරගේ ආණ්ඩුව, මේජර් ජෙනරාල් සලේව ඩී.ඕ. ගසා තබාගෙන වදපිට වද දෙන්නේ නීතිය සැමට සමාන බව පෙන්වීමට ය. නීතියට ඉහළින් කිසිවකු නැතැයි කියන්නට ය. එහෙත් ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීම පිණිස වූ මතය පතුරවන්නට, ප්‍රවර්ධනය කරන්නට ජනසංහාරක සති සමරණ උතුරේ කොටි හිතවාදීන්ට නීතියෙන් බාධාවක් නැත. ඔවුන් හමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද, අනෙකුත් අණ පණත් ද පට්ට පදිරි ය.
අනුරගේ නීතියේ ආධිපත්‍යය කෙලින් වන්නේ රණවිරුවා හමුවේ ය. කොටි හිතවාදින් හමුවේ ඒ පොල්ල කෙලෙසකවත් කෙලින් වෙන්නේ නැත. රණවිරුවට කටක් හැර රණවිරුවා කියාගන්නට බැරිතරම් අනුරලා දේශපාලන වශයෙන් සංක්‍රාන්තිකලිංගිකයකුගේ තත්වයට වැටී ඇත්තේ ඒ අනුව ය.
අප ජීවත්ව සිටින්නේ, ඔවුන් දිවි පුදා දිනා දුන් සාමය තුළය. යාපනේ ගොස් පාරෙ “ජොගිං” යන්නේ “ෆොටෝ” ගන්නේ දිවි පිදූ රණවිරුවාට පින් සිදු වෙන්නට ය. එහෙත්, කෙලෙහිගුණ නොදත් අමන ආණ්ඩුව අද බිඳ දමමින් තියෙන්නේ ද විරුවන් දිනා දුන් සාමයම ය. විරුවන් තනා දුන් නීතියේ ආධිපත්‍ය ය. මෙවන් නායකයන් වෙනත් රටකනම් “රතුපාට” වීදියක දී ඔබට මුණ ගැසිය හැක. ඒ, පිරිමි ගණිකාවක් ලෙස ය.
