මාලිමා මන්ත්‍රීගේ නිවසට හොරු පැනලා.. රිදී කරඬුවක් අරන් ගිහින්..
1 min read
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතාට අයත් පානදුර නගරයේ පිහිටි නිවසක් බිඳ රිදී කරඬුවක් සොරාගෙන ඇති බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි.
පොලිසිය සඳහන් කරන්නේ නිවසේ වහලයේ උළු කැට කිහිපයක් ඉවත් කර සැකකරුවන් නිවස තුළට ඇතුළු වී ඇති බවයි.
එහි තිබූ වටිනා රිදී කරඬුවක් සොරාගෙන ඇති බවට මෙතෙක් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සොරකම සිදුකිරීමෙන් අනතුරුව සැකකරුවන් නිවසේ පිටුපස දොර විවෘත කරගෙන පලාගොස් ඇති බවට පරීක්ෂණවලදී හෙළි වී ඇත.
මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
