අධිකරණ සේවා සංගමයේ මහා සභා රැස්වීම “අල” කරන්න බරටම වැඩ!
1 min read
එළඹෙන 11 වැනිදා පැවැත්වීමට නියමිත අධිකරණ සේවා සංගමයේ මහාසභා රැස්වීම කඩාකප්පල් කිරීම සඳහා ජනාධිපතිවරයා සහ අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේන දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබේ. අධිකරණ විනිසුරුවරියක් හා විනිසුරුවරුන් 4 දෙනෙක් යොදාගනිමින් මහාසභා රැස්වීම කඩාකප්පල් කිරීම ඔවුනගේ උත්සාහය වී තිබේ.
සාමාන්‍යයෙන්, අධිකරණ සේවා සංගමයේ මහාසභා රැස්වීම මීට පෙර පවත්වා ඇත්තේ කොළඹ දිසා අධිකරණ ශාලාව තුළය. ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම විශේෂ මහාසභා රැස්වීම සඳහා එම ශාලාව ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ. එම තත්ත්වය තුළ අදාළ මහාසභා රැස්වීම පැවැත්වීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය ලබා දී ඇතත්, ඒ සඳහා නිසි අවසරය ලබාගෙන නොමැති බව දන්වමින් අදාළ නිලධාරියාට විරුද්ධව මේ වන විට විනය පරීක්‍ෂණයක් ද ආරම්භ කොට තිබේ.
මේ අතර, අගවිනිසුරුවරයාගේ ධූර කාලයේ දීර්ග කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මත ඵල කර තිබෙන විනිසුරු ඉසුරු නෙත්තිකුමාර හා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් උද්දාල සුවඳුරුගොඩ වෙත දඬුවම් මාරු ලබා දී තිබීම ද අධිකරණ සේවය තුළ දැඩි කතාබහට ලක්වී තිබේ.
මීට පෙර “අධිකරණ සේවා මහාසභාව වනසන හරිම බඩු 5 මෙන්න” යන පුවත මගින්ද අප අණාවරණය කරන ලද පරිදි විනිසුරු පසන් අමරසේනට අමතරව මාලනී ඔගස්ට්‍රා පෙරේරා, ප්‍රසන් අමරසේන, රශ්මි සිංගප්පුලි, ප්‍රසන්න ද අල්විස් යන විනිසුරුවන් මෙම මහාසභා රැස්වීමට විනිසුරුවන්ගේ පැමිණීම වලක්වාලීම සඳහා මේ වන විට දැඩි පරිශ්‍රමයක නිරතව සිටිති.
ජනාධිපතිවරයා මෙම දේවගැති සූරසේනව අගවිනිසුරුධූරයේ තවදුරටත් තබාගැනීමට මෙතරම් තදින් ක්‍රියාත්මක වී ඇත්තේ ප්‍රමිෂ්කා පෙරේරා විසින් සිදුකෙරෙන බලවත් ඉල්ලීම නිසා බව අප වෙත වාර්තා වී තිබේ. දේවගැති සූරසේන මෙන්ම, ප්‍රමිෂ්කා පෙරේරා ද බෝන් – අගේන් ආගමික නිකායේ ප්‍රබල සාමාජිකාවකි.
- කපිල එස්. පතිරණ
