“මාලිමා ආණ්ඩුව ආවොත් පෙරහරක්වත් කරගන්න බැරි වෙනවා කියල මම කළින්ම කිව්වා” – මිහින්තලේ හිමි
1 min read
මාලිමා ආණ්ඩුව බලයට පත්වුවහොත් මෙරට සාම්ප්‍රදායික සංස්කෘතික හා ආගමික උත්සව, විශේෂයෙන්ම පෙරහර පවා පවත්වා ගැනීමට නොහැකි වන බවට තමන් වහන්සේ මීට පෙර කළ ප්‍රකාශය සත්‍ය වෙමින් පවතින බව ඓතිහාසික මිහින්තලා රජමහ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.
විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ ආණ්ඩුවේ පාලන සමය තුළ මෙරට පාරම්පරික පෙරහර සංස්කෘතියට සහ ආගමික කටයුතුවලට බාධා එල්ල වන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි.
වත්මන් රජයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් උන්වහන්සේ අවධාරණය කළේ රටේ පාරම්පරික සංස්කෘතික උරුමයන් සුරැකීමට පාලකයින් අසමත් වී ඇති බවයි.
