මහේන්ද්‍ර පෙරේරාට ජාත්‍යන්තර සම්මානයක්
1 min read
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට මහේන්ද්‍ර පෙරේරා සමත්විය.
ඔහු මෙම සම්මානයෙන් පිදුම් ලැබූවේ ‘රිවර්ස්ටන්’ චිත්‍රපටය වෙනුවෙන් ඉදිරිපත් කළ විශිෂ්ට රංගනය වෙනුවෙන්ය.
මේ සඳහා බ්‍රෝකන් වොයිසස් චිත්‍රපටිය වෙනුවෙන් යුරායි ලෝයි, ලකි ලූ චිත්‍රපටිය වෙනුවෙන් චන්ග් චෙන්, රිවර්ස්ටන් චිත්‍රපටිය වෙනුවෙන් රන්දික ගුණතිලක සහ ද රෙඩ් හැන්ගර් චිත්‍රපටිය වෙනුවෙන් නිකලාස් සරාතේ යන අය නිර්දේශව සිටියහ.
මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තරය තුළ සම්මානනීය වූ දෙවන අවස්ථාව මෙයවීමත් විශේෂත්වයකි.
මීට පෙර සිංගප්පූරූ අන්තර්ජාතික සිනමා උළෙලේදී ද හොඳම රංගනයට හිමි සම්මානයෙන් ඔහු පිදුම් ලැබීය.
මේ අතර ප්‍රියන්ත සිරිකුමාර ‘රිවර්ස්ටන්’ චිත්‍රපටිය සඳහා හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනගත්තේය.
