June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මහා මාන්කඩවල වැව් බැම්ම යළිත් බිඳී යයි – අක්කර සිය ගණනක වගාබිම් විනාශයි.

1 min read

අනුරාධපුර දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගනේවල්පොල, මහා මාන්කඩවල වැව නැවත වරක් බිඳී ගොස් ඇති බව සඳහන් වෙයි.

මේ හේතුවෙන් අක්කර සිය ගණනක වගාබිම් ජලයෙන් සහ වැලිවලින් යටවී දැඩි හානි සිදුව ඇතැයි ගොවීහු මැසිවිලි නඟති.

​මීට පෙර ‘දිට්වා’ සුළි කුණාටු තත්ත්වය හමුවේ මෙම වැව බිඳී ගිය අතර, එම අවස්ථාවේදී බලධාරීන් මැදිහත් වී වැලිකොට්ට යොදා තාවකාලිකව වැව් බැම්ම පිළිසකර කිරීමට පියවර ගෙන තිබුණි.

එහෙත් පසුගිය දින කිහිපය පුරා ප්‍රදේශයට බලපෑ තද වැසි හේතුවෙන්, පෙර කැඩී ගිය ස්ථානයෙන්ම වැව් බැම්ම යළිත් බිඳී ගොස් තිබේ.

​වැව් බැම්ම බිඳීයාම නිසා පිටාර ගැලූ ජලය සහ වැලි කඳු හේතුවෙන් දැනට වගාකර ඇති කුඹුරු මෙන්ම වගා කිරීමට සූදානම් කර තිබූ කුඹුරු අක්කර රැසක් විනාශ වී තිබේ.

මේ හේතුවෙන් ප්‍රදේශයේ ගොවි පවුල් රැසක් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව සඳහන් වෙයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x