June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සුභ පැතුමෙනුත් හාන ජනාධිපතිට එ.ජා.ප.යෙන් කින්ඩියක් !

1 min read

මෑතක දී තේරී පත් වූ ඉන්දියාවේ තමිල්නාඩු මහ ඇමති සී. ජෝශප් විජේට ජනාධිපති අනුර කුමාර විසින් පෞද්ගලිකව සුභ පැතුම් එක්කර තිබෙන බව දැකීමෙන් තම පක්‍ෂය පුදුම වූ බව එ.ජා.ප.ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එ.ජා.ප.ය එම නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ රාජ්‍ය නායකයෙකු ලෙස එවැනි සුබ පැතුම් පණිවිඩ විදේශීය පලාත් නායකයින් සඳහා නොව වෙනත් රාජ්‍ය නායකයකු සඳහා සිදු කිරීම නියමිත සාම්ප්‍රදාය බවයි.

අනෙක් අතට එ.ජා.ප.ය මතුකර ඇති තර්කය වන්නේ ජෝශප් විජේට එම සම්ප්‍රදාය කඩා සුබ පතන ජනාධිපතිවරයා, අලුතෙන් තේරී පත් වූ බටහිර බෙංගාල මහ ඇමැති සුවෙන්ද්‍ර අධිකාරි හෝ ඇසෑම් මහ ඇමති හිමන්ත බිස්වාට හෝ සමාන සුබ පැතුම් පණිවිඩ ලබා නොදුන්නේ කුමන හේතුවක් මත ද යන්නයි.

රාජ්‍ය නායකයකුගේ රාජතාන්ත්‍රික කටයුතු පිළිබඳ නිසි අවබෝධයක් ඇති කිසිවෙකු ජනාධිපතිවරයා සමඟ නොවීම මෙවැනි ප්‍රාථමික කරුණු පවා නොදැන සිටීමට හේතු වී ඇතැයි මේ ගැන අදහස් දැක් වූ ප්‍රවීණ හිටපු ජනාධිපති ලේකම්වරයකු පැවසුවේ ය. “ජනාධිපතිවරයා මෙන්ම ජනාධිපති ලේකම් ඇතුළු ඔහුගේ “ටීම්” එකම අලුත් ! ඒ නිසා මේවා මෙහෙම වෙන්නෙ” යනුවෙන් ඔහු වැඩිදුර පවසා සිටියේය.

  • දිමුතු පතිරණ –
ජනප්‍රිය පුවත්  ගුරුවරුන්ගේ දීමනා වැඩි කරන්න ආ ආණ්ඩුව තිබ්බ එකත් කපලා…

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x