July 29, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් ආණ්ඩුව අනතුරු ඇඟවීමක්…!

1 min read

මත්පැන් නිෂ්පාදකයන්ට හිමි අපතේ යන මධ්‍යසාර ප්‍රතිශතය 1.5% සිට 0.1% දක්වා සීඝ්‍ර ලෙස පහත දැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණයට මෙරට ප්‍රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදකයෝ සිය දැඩි විරෝධය පළ කරති.

අංක 991 දරන සුරාබදු නිවේදනය මගින් පසුගිය ජූලි 24 වැනිදා මෙම නව සංශෝධනය නිකුත් කර ඇති අතර, එමගින් රජයට වසරකට රුපියල් බිලියන 23ක දැවැන්ත බදු මුදලක් ගෙවන සමාගම්වලට පවා නැවත වරක් බදු ගෙවීමට සිදුවන බව නිෂ්පාදකයෝ පෙන්වා දෙති. මෙම තත්ත්වය හමුවේ නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යාම අසීරු වන බවට ඔවුන් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

මත්පැන් නිෂ්පාදනයේදී සහ ගබඩා කිරීමේදී මෙන්ම බෝතල් කිරීමේ යන්ත්‍ර වෙත ස්ප්‍රීතු යොමු කිරීමේදී විශාල වශයෙන් මධ්‍යසාර වාර්ෂිකව වාෂ්ප වන බව පෙන්වා දෙන නිෂ්පාදකයෝ, රස පරීක්ෂකවරයා වෙත යැවීමට සුරාබදු නිලධාරීන් භාරයට ගන්නා මත්පැන් සාම්පල තොග පවා ගණනය කෙරෙන්නේ මෙම අපතේ යන ප්‍රතිශතය යටතේ බව සඳහන් කරති.

ස්ථාන මාරුවන සුරාබදු නිලධාරීන් මෙම සාම්පල සඳහා වාර්තාවක් නොතබා අයවිය යුතු බද්දක් ලෙස සටහන් කර තබා යන බවටත්, නිලධාරීන් රැගෙන යන සාම්පල සඳහා බදු ගෙවීමට සිදුවීම අසාධාරණ බවටත් නිෂ්පාදකයෝ චෝදනා කරති. එම නිසා මෙම අපතේ යාම් සිදුවන්නේ කුමන පදනමක් මතද යන්න නිවැරදිව ගණනය කිරීමට විද්‍යානුකූල පරීක්ෂණයක් සිදුකිරීමේ අත්‍යවශ්‍යතාව ඔවුන් අවධාරණය කර සිටිති.

ජනප්‍රිය පුවත්  අම්බලන්ගොඩ වෙඩි තැබීමක් ! අයෙකු මරුට!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x